Friday, March 29, 2024

ඉන්දියා-ඇමෙරිකා සබඳතා ගොඩනැගී ඇත්තේ ගැඹුරු අවබෝධයකින් – ධවල මන්දිරය කියයි

ඉන්දියාව සහ එක්සත් ජනපදය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව පදනම් වී ඇත්තේ චීනය කෙරෙහි ඇති අවධානය මත පමණක් නොව දෙරට අතර සහයෝගීතාවය පිළිබඳ ගැඹුරු අවබෝධයක් බව ධවල මන්දිරය පෙන්වාදෙයි.

ධවල මන්දිර ආසියානු සම්බන්ධීකාරක කර්ට් කැම්බල් පවසා ඇත්තේ ඉන්දියාව සහ එක්සත් ජනපදය පසුගිය දශක දෙක තුළ බාධක කිහිපයක් ඉක්මවා ඇති අතර, වඩා හොඳ සබඳතා ගොඩනඟා ගැනීමට ක්ෂේත්‍ර කිහිපයකම කටයුතු කර ඇති බවයි.

ඉන්දියා-එක්සත් ජනපද හවුල්කාරිත්වයේ වැදගත්කම අවධාරණය කරමින් කැම්බල් පෙන්වා දෙන්නේ, ඉන්දියාව සමඟ පවත්වන සම්බන්ධතාව, එක්සත් ජනපදය 21 වන සියවසේ පැවැත්වූ වැදගත්ම සම්බන්ධතාවයක් ලෙස ය.

රටවල් දෙක අතර තවදුරටත් වැඩි සහයෝගිතාවක් අවශ්‍ය බව පවසමින් ඔහු ප්‍රකාශ කරන්නේ අභ්‍යවකාශය, අධ්‍යාපනය, දේශගුණය හෝ තාක්‍ෂණය යන ක්ෂේත්‍ර තුළ, දෙරටටම එක්ව කළ හැකි කටයුතු රැසක් පවතින බවයි.

මාධ්‍ය හමුවකදී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කර්ට් කැම්බල් වැඩිදුරටත් පැවසුවේ G20 සමුළුවේ නායකත්වය ලබාගැනීම සම්බන්ධයෙන් එක්සත් ජනපදය ඉන්දියාවට කෘතඥ වන බවත්, එහි සභාපතිත්වය යටතේ ඉන්දියාව සමඟ සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත්ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles