Friday, March 29, 2024

ෂියා මුස්ලිම්වරු ඉන්දීය අගමැති මෝදිට රහසක් කියති.

අසල්වැසි රටවල තම ප්‍රජාවට එල්ල වන ප්‍රහාර පිළිබඳව කනස්සල්ල පළ කරමින් ලක්නව්හි පිහිටි ෂියා මුස්ලිම් කණ්ඩායමක් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වෙත ලිපියක් යවමින් ප්‍රකාශ කර ඇත්තේ පාකිස්තානය ත්‍රස්තවාදය පෝෂණය කරන බවයි.

අප්‍රේල් 26 දිනැති ලිපියකින් ලක්නව්හි සමස්ත ඉන්දීය ෂියා හුසේනි අරමුදල (AISHF) කියා සිටියේ පාකිස්ථානයේ ක්‍රියාත්මක වන ත්‍රස්තවාදී සංවිධාන පසුගිය වසර 35 තුළ ෂියා සුළු ජාතීන්ගේ ලේ වැගිරීම් කර ඇති බවයි.

එම කාලය තුල පාකිස්තානයේ ත්‍රස්තවාදී සංවිධාන විසින් පල්ලිවල යාඥා කරමින් සිටි ෂියා මුස්ලිම්වරුන් එල්ලකර සිදු කල ප්‍රහාරවලින් 30,000 කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇත.

ඇෆ්ගනිස්ථානයේ ෂියා හසාරා ප්‍රජාව ඉලක්ක කර ගනිමින් පාසල් සහ පල්ලි වෙත ප්‍රහාර එල්ල කරමින් ෂියා ප්‍රජාව සමූලඝාතනය කිරීමට ප්‍රහාර එල්ල කරන බව ද AISHF මහලේකම් සයිඩ් හසන් එම ලිපියේ සඳහන් කර තිබේ.

මාර්තු 4 වන දින පාකිස්තානයේ පෙෂාවර් හි ෂියා මුස්ලිම් පල්ලියක සිදුවූ පිපිරීමකින් වයස අවුරුදු 10 ට අඩු ළමුන් හත් දෙනෙකු ඇතුළු 60 දෙනෙකුට වැඩි පිරිසක් මිය ගිය අතර 200 කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles