Saturday, April 20, 2024

ඉන්දියාව ඉන්ධන විප්ලවයකට සැරසේ

ඉන්දියාව හරිත නිෂ්පාදනය සඳහා ජාත්‍යන්තර කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමට සහ හයිඩ්‍රජන් සහ පෙට්‍රල්වල එතනෝල් ප්‍රතිශතය වැඩි කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව ඉන්දියාව ඉදිරි දශකය තුළ සිය න්‍යෂ්ටික බලශක්ති ධාරිතාව අවම වශයෙන් තුන් ගුණයකින් ප්‍රසාරණය කිරීමට පූර්වගාමී වන අඩු විමෝචන මාර්ගයකට සංක්‍රමණය වීමේ දිගුකාලීන උපාය මාර්ගයක් ද නිවේදනය කර ඇත.

ඉන්දීය පරිසර අමාත්‍ය භූපේන්ද්‍ර යාදව් පැවසුවේ, මෙය පසුගිය වසරේ ග්ලාස්ගෝ හිදී පැවැත්වුණු 26 වැනි COP හිදී අගමැති නරේන්ද්‍ර මෝදි විසින් කරන ලද ඉන්දියාවේ දශක පහක ඉදිරි සැලැස්ම වන ශුන්‍ය, හෝ 2070 වන විට කාබන් උදාසීන වීමට අනුකුලව බවයි.

එක්සත් ජාතීන්ගේ දේශගුණික ගිවිසුම්වලට අත්සන් කළ සාමාජික රටවල් 195ක් 2022 වන විට දීර්ඝ කාලීන ලේඛනය ඉදිරිපත් කිරීමට බැඳී සිටියද, නවතම එකතුවක් වූ ඉන්දියාව සමග රටවල් 57ක් පමණක් එය නිසි ලෙස ඉටුකර ති‍බේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles