Wednesday, April 17, 2024

2047දී ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් ට්‍රිලියන 20ක්

ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදිතය 2047 වසර වන විට ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 20කට ආසන්න වනු ඇති අතර, රටේ ඒක පුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 10,000 දක්වා ළඟා විය හැකි බව ඉන්දීය අගමැතිවරයාගේ ආර්ථික උපදේශක සභාවේ සභාපති බයිබෙක් ඩෙබ්‍රෝයි පෙන්වාදෙයි.

හයිද්‍රාබාද් විශ්ව විද්‍යාලයේ පැවති ඉන්දියානු ආර්ථිකමිතික සංගමයේ 57 වැනි වාර්ෂික සමුළුවේ සමාරම්භක සැසිය අමතමින් ඔහු පැවසුවේ, කොවිඩ් -19 වසංගතය පහව ගොස් ඇති නමුත්, රුසියානු-යුක්රේන ගැටුම, යුරෝපයේ හා ඇමරිකා එක්සත් ජනපදයේ වර්ධන අපේක්ෂාවන් සහ චීනයේ අර්බුද හේතුවෙන් තවමත් ලොව පුරා අවිනිශ්චිතතාවන් පවතින බවයි.

කෙසේවෙතත් 2047 දී ඉන්දියාව පරිවර්තනය වූ සමාජයක් බවට පත්වීම නොවැලක්විය හැකි බවත් බයිබෙක් ඩෙබ්‍රෝයි එහිදී පෙන්වාදී ඇත.

රජය මගින් ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවට මූලික අවශ්‍යතා සැපැයීමට ප්‍රමුඛතාව ලබාදී ඇති බව එහිදී පෙන්වාදුන් ඔහු, කොවිඩ් ව්‍යාප්තියෙන් පසු ඉන්දියාවේ ආර්ථික දර්ශක වැඩිදියුණු වෙමින් පවතින බවද සඳහන් කළේය.

කෙසේවෙතත් රුසියා-යුක්රේන ගැටුම, යුරෝපයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ අඩු වර්ධන අපේක්ෂාවන් වැනි ලොව පුරා පවතින ඇතැම් අවිනිශ්චිතතා හේතුවෙන් ඉන්දියාව, විදේශ විනිමය වෙළෙඳපොළ හා ප්‍රාග්ධන වෙලඳපොලවල් සහ විනිමය අනුපාතවල අස්ථාවරත්වය වැනි ගැටළු අත්විඳිය හැකි බවද ඩෙබ්‍රෝයි වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles