Friday, April 19, 2024

චීන මායිමේ ඉන්දුනීසියානු ඇමරිකා හමුදා අභ්‍යාසයක්.

ඉන්දුනීසියාව, චීනයේ ස්වයං-ප්‍රකාශිත භෞමික රේඛාව අසල සහ දකුණු චීන මුහුදේ නටුනා (Natuna) දූපත්වල එක්සත් ජනපදය සමඟ ඒකාබද්ධ හමුදා අභ්‍යාසයක් පැවැත්වීමට සූදානම් වේ.

නටූනා දූපත් දෙරට අතර වාර්ෂික ගරූඩා ආරක්ෂක යුධ අභ්‍යාස සඳහා භාවිත කරන ස්ථානයක් වන අතර එක්සත් ජනපද සහ ඉන්දුනීසියානු හමුදා 2007 සිට මෙහි ඒකාබද්ධ යුද අභ්‍යාසයක් පවත්වයි.

ගරූඩා ආරක්ෂක යුධ අභ්‍යාස යනු එක්සත් ජනපද හමුදාව සහ ඉන්දුනීසියානු හමුදාව විසින් වාර්ෂිකව සති දෙකක පමණ කාලයක් පවත්වන ඒකාබද්ධ යුද අභ්‍යාසයකි.

නටූනා දූපත් ඉන්දුනීසියාවේ බලය සීමා කිරීම සඳහා බීජිං සකස් කළ රේඛා නවය කලාපයෙන් පිටත පිහිටා ඇතත්, චීන ධීවර බෝට්ටු සහ රජයේ යාත්‍රා දූපත් අසල දක්නට ලැබෙන අතර ඉන්දුනීසියාව මෙම දූපත් සමූහයේ හමුදා ස්ථානගත කර තිබේ.

මේ අතර මේ වසරේ දී නිරීක්ෂකයින් ලෙස ගරැඩා අභ්‍යාසයට රටවල් 14ක් සම්බන්ධ වීමට නියමිතය.

එක්සත් ජනපද මිත්‍ර රටවල් වන මහා බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව සහ කැනඩාව මෙන්ම ඉන්දුනීසියානු අසල්වැසි සිංගප්පූරුව සහ මැලේසියාව ද ඒ අතරවේ.

ජපානයේ ගොඩබිම් ආත්මාරක්ෂක බළකාය ද මෙවර පළමු වරට ඒ සදහා සහභාගී වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles