Thursday, March 28, 2024

ඡන්ද වැඩට ගිය පකිස්තාන පොලිසියට කන්න නෑ

සින්ද් ප්‍රාන්තයේ විවිධ ප්‍රදේශවල පළාත් පාලන මැතිවරණයේදී රාජකාරි සඳහා යවා ඇති පොලිස් භටයින් ආහාර සහ නවාතැන් ලබා නොදීම ගැන පැමිණිලි කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් පසුගිය ඉරිදා පටන් අන්තර්ජාලය ඔස්සේ ව්‍යාප්තවී ඇති අතර එය පකිස්තානය පුරා මහත් ආන්දෝලනයක් ඇති කර තිබේ.

මේ සමග පාකිස්තානයේ සින්ද් ප්‍රාන්තයේ පොලිස්පති ගුලාම් නබි මේමන් ඒ පිළිබඳව අවධානය යොමුකර ඇති බවත් ඒ අනුව පළාත් පොලිස් ප්‍රධානියා පොලිස් නිලධාරීන්ගේ මෙම චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස නියෝග කර ඇති බව වාර්තා සඳහන් කර ඇත.

කාශ්මෝර්(Kashmore) සහ කන්ද්කොට්(Kandkot) යන ප්‍රදේශවලට මැතිවරණ රාජකාරි සඳහා යවන ලද පොලිස් නිලධාරීන් විසින් කරන ලද මෙම චෝදනා විමර්ශනය කිරීම සඳහා විමර්ශන නිලධාරියා ලෙස සොරාබ් ගොත්(Sohrab Goth) කොට්ඨාසයේ පොලිස් අධිකාරී මුහම්මද් ෂොයිබ් මේමන් පත් කර ඇත.

විමර්ශනයේ ඉලක්ක අතරට සිද්ධියේ සැබෑ තතු සොයා බැලීම සහ පැමිණිල්ල සත්‍යද නැතහොත් වෙනත් ආකාරයකින් එය සිදුවීද යන්න සොයා බැලීම ඇතුළත් වේ.

දෙපාර්තමේන්තුවේ වැරදි කළමනාකරණය පිළිබඳ වීඩියෝ සහ හඬ පණිවිඩ සමාජ මාධ්‍යවල පළ කිරීමට පොලිස් නිලධාරීන්ට හේතු වූ තත්ත්වයන් සහ පසුබිම සොයා බැලීම ද මෙම විමර්ශනයට පැවරී ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles