Thursday, April 25, 2024

උතුරු ඇමරිකාවේ බටහිර වෙරළට ඉන්දීය නැවක් ‍‍ ඉතිහාගත චාරිකාවක

ඉන්දීය නිදහස් දින සැමරුම් උත්සවයේ කොටසක් ලෙස අගෝස්තු 15 වන දින ඉන්දීය ධජය එසවීම සඳහා ඉන්දීය නාවික හමුදාවට අයත් INS Satpura (සත්පුර) යුද නෞකාව එක්සත් ජනපදයේ බටහිර වෙරළ තීරයේ සැන්ඩියාගෝ වරාය වෙත පසුගියදා පැමිණි බව වාර්තා වේ.

සත්පුර නෞකාව සැන් ඩියාගෝ වෙත පැමිණීම ඓතිහාසික වන්නේ, මෙය ඉන්දියානු නාවික හමුදාවේ යුද නෞකාවක් උතුරු ඇමරිකාවේ බටහිර වෙරළ තීරයට ළඟා වූ පළමු අවස්ථාව වීම හේතුවෙනි.

එමඟින් ජාතික අරමුණු වෙනුවෙන් අවශ්‍ය විට ලොව පුරා ස්ථානගත කිරීමට ඉන්දියානු නාවික හමුදාවට ඇති හැකියාව පෙන්නුම් කරන බව ඉන්දීය නාවික හමුදාව ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.

මෙම සත්පුර නෞකාව ඉන්දියාවේ නිදහසේ 75 වන වසර සැමරීමේ කොටසක් ලෙස මහද්වීප හයක්, සාගර තුනක් සහ කලාප හයක් හරහා ප්‍රධාන වරායන් වෙත සමරු චාරිකා කිරීම සඳහා ගමන් ආරම්භ කළ නැව් අටෙන් එකකි.

අනෙකුත් නැව් හත වන්නේ මස්කට් සඳහා පිටත් වූ INS චෙන්නායි සහ බෙට්වා, සිංගප්පූරුව සඳහා INS සැරියු, මොම්බාසා සඳහා INS ට්‍රයිකාන්ඩ්, පර්ත් සඳහා INS සුමේධා, රියෝ සඳහා INS ජැනයිරෝ සහ ලන්ඩන් සඳහා INS තර්කාෂ් සහ තරංගිනි ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles