Thursday, April 25, 2024

ඉන්දියාවෙන් චීනයට අනතුරු ඇගවීමක්.

අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩල සැසිය අමතමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් චීනයට අනතුරු ඇගවීමක් සිදු කර තිබේ.

ඒ ත්‍රස්තවාදයට එරෙහිව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ සාමාජිකයින් ගෙන යන වැඩපිළිවෙලට චීනය එල්ල කරමින් ඇති බාධා කිරීම් හමුවේයි.

ඒ අනුව චීනයේ ක්‍රියාකලාපයට දැඩිව ප්‍රතිචාර දක්වමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා පැවසුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ න්‍යායන් උල්ලංඝනය කරමින් ත්‍රස්තවාදය ආරක්ෂා නොකරන ලෙසයි.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ 1267 සම්බාධක තන්ත්‍රය දේශපාලනීකරණය නොකරන ලෙසත් ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යවරයා චීනයට දැඩිව ප්‍රකාශ කර තිබේ.

එලෙස කටයුතු කරන පුද්ගලයින් තමන් විසින්ම තමන්ව අනතුරේ හෙලා ගන්නා බව ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා අවධාරණය කර ඇත.

ඒ හරහා චීනය සිදු කරන්නේ ත්‍රස්තවාදයට සහය දීමක් බවට ද ඉන්දීය විදේශ අමාත්‍යවරයා එහිදී චෝදනා කර ඇත.

පකිස්ථානයේ ක්‍රියාත්මක ත්‍රස්ත කණ්ඩායම් වල සාමාජිකයින් අසාධු ලේඛන ගත කර ඔවුන්ට එරෙහිව සම්බාධක පැනවීම සදහා අමෙරිකාව සහ ඉන්දියාව ආරක්ෂක කවුන්සිලය හමුවට ගෙන ආ යෝජනා කිහිපයක්ම චීනය විසින් අවහිර කර තිබුණි.

ඊට ප්‍රතිචාර දක්වමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේ මෙලෙස ප්‍රතිචාර දක්වා තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles