Saturday, April 20, 2024

ඉන්දියාවේ ජම්මු කාශ්මීරයේ කාන්තා ක්‍රිකට්වලට හොඳ කලක්

ඉන්දියාවේ ජම්මු කාශ්මීර් ක්‍රිකට් ඇකඩමියේ (JKCA) ජ්‍යෙෂ්ඨ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකාවන් පස් දෙනෙකු ඉන්දියාවේ විවිධ ස්ථානවල පැවැත්වෙන ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) ජ්‍යෙෂ්ඨ කාන්තා T20 කුසලානයේ නිලකුණු පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිටින බව වාර්තා වේ.

කාන්තා අයිතිවාසිකම් සම්බන්ධයෙන් පසුගාමී ප්‍රා‍න්තයක් ලෙස සැළකුණු ජම්මු කාශ්මීරය මේ වන විට එම තත්වයේ කැපී පෙනන වෙනසක් පෙන්වමින් සම්පූර්ණ වෙනසකට ලක්වෙමින් ඇති බව එම වාර්තා වැඩිදුරටත් පවසයි.

මෙහිදී වමත් වේගපන්දු යවන සර්ලා දේවි සිය කාණ්ඩ වටයේ තරග හයේ දී පන්දුවාර 24 කදී නිලකුණු පන්දු 101 ක් යවා අංක 1 ස්ථානයේ පසුවෙමින් ඉහළම ගෞරව හිමිකරගෙන සිටි රටේ ප්‍රවීණ පන්දු යවන්නන්නියක් අතරට එක්ව තිබේ.

වමතින් දඟ පන්දු යවන නාඩියා චෞද්‍රි සහ දකුණත් පිට දඟ පන්දු යවන සන්ධ්‍යා සයාල් මෙන්ම දකුණත් මධ්‍යම වේග පන්දු යවන බිස්මා හසන් සහ රුබියා සයීඩ් ද කැපී පෙනන දක්ෂතා දක්වමින් සිටියි.

ජම්මු කාශ්මෟරයේ ජ්‍යෙෂ්ඨ කාන්තා කණ්ඩායම තමන් තරග වැදුණු විස්සයි20 තරග හයෙන් පහක් ජයගත් අතර කනිෂ්ඨ ක්‍රීඩිකාවන් ද ඔවුන් සහභාගී වූ තරග හයකින් ජයග්‍රහණ පහක් වාර්තා කර තිබෙනවා.

ඊට අමතරව ක්‍රීඩිකාවන් තිදෙනකු ඉන්දීය ජාතික ක්‍රිකට් ඇකඩමියට ඇතුළු වීමට දැනටමත් සුදුසුකම් ලබා සිටිති.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles