Friday, March 29, 2024

ජනතාවට නැති ජොනීට තියෙන පුදුම හිතෙන වස්තුව..

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ නිවසේ තිබී ගෑස් ටැංකි 80ක් හමු වී ඇති බවට වාර්තා වනවා.

ඒ ඔහුගේ නිවස විරෝධතාකරුවන් විසින් වටලන විට දී ය.

තව ද කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීවගේ නිවසේ ද ගෑස් ටැංකි 60ක් තිබී හමු වූ බව යි වාර්තා වන්නේ.

මේ අතර, උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාට අයත් දිඹුලාගල බඳනාගල පිහිටි අක්කර 50 කින් සමන්විත ගොවිපොළේ ගබඩාවකවක යූරියා පොහොර මිටි 400 ආසන්න පමණ ප්‍රමාණයක් සහ තවත් රසායනික පොහොර මිටි තොගයක් තිබී ඇති අතර ඒවා ගොවීන් ගෙන ඇත.

කුපිත වූ පිරිසක් එම ගොවි පොළට පැන එම ගොවිපොළ තිබූ දේපොළවලට ගිනි තබද්දී එම පොහොර තොගය සොයා ගෙන තිබේ.

එම ගොවිපොලේ ගබඩාවේ තිබූ අත් ටැක්ටර් කීපයකට ද කුපිත වූ පිරිස් විසින් ගිනි තබා විනාශ කොට ඇති අතර ගබඩාවේ තිබූ වී මිටි විශාල ප්‍රමාණයකට ගින්නෙන් හානි වී ඇති බව ද පරීක්ෂණ සිදුකරන සිරිපුර පොලිසිය පවසයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles