Friday, April 19, 2024

පකිස්තානය මාධ්‍යවේදියෙකුට කෙන්යාවේදී වෙඩි.

කෙන්‍යාවේ සිටි පකිස්තාන මාධ්‍යවේදී අර්ෂාස් ශරීෆ් මිය ගොස් ඇත.

මරණය සිදුව ඇත්තේ කෙන්යා පොලීසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් බව අර්ෂාස්ගේ බිරිද වන ජවීරියා සිද්ධික් තහවුරු කර තිබේ.

ඇය පවසන්නේ තමාට සිටි මිතුරා, සිය ස්වාමියා මෙන්ම ප්‍රියතම මාධ්‍යවේදියා අහිමි වූ බවයි.

නයිරෝබී නුවර අවමංගල්‍ය ශාලාවක තැන්පත් කර ඇති ඔහුගේ බිරිද විසින් හදුනාගෙන තිබේ.

මරණය සම්බන්ධයෙන් වන ඉදිරි පියවර පොලිස් වාර්තා නිකුත් වීමෙන් අනතුරුව ප්‍රකාශ කරනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

කෙසේවෙතත් අර්ෂාඩ් ශරීෆ්ගේ දේහය කෙන්යාවේ පිහිටි පකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය හරහා පකිස්තානය වෙත රැගෙන එනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කෙසේවෙතත් ශරිෆ්ගේ මරණය සම්බන්ධයෙන් මේ වනවිට ජාත්‍යන්තරය තුළ විවිධ මතයන් හුවමාරු වෙමින් තිබේ.

පකිස්ථානයේ ඇතැම් මාධ්‍ය ඔහු වෙඩි ප්‍රහාරයකින් මියගොස් ඇතැයි පළමුව වාර්තා කර අනතුරුව ඔහු මියගොස් ඇත්තේ අනතුරකින් බව වාර්තා කර තිබිණ.

එහෙත් ෂරීෆ්ගේ බිරිද පැවසුවේ ඔහු මියගියේ වෙඩි ප්‍රහාරයකින් බවයි.

අනතුරුව ෂරීෆ් පොලිස් වෙඩි ප්‍රහාරයක් හමුවේ මියගොස් ඇතැයි කෙන්‍යාවේ ජනමාධ්‍ය අමාත්‍ය Marriyum Anrangzeb ද තහවුරු කර තිබේ.

අර්ෂාඩ් ශරීෆ්, කුරාම් අහමඩ් නමැත්තෙකු සමග මෝටර් රථයකින් ගමන් කරමින් සිටි බවත්, එම මෝටර් රථය ධාවනය කර ඇත්තේ කෙන්යානු ජාතිකයෙක් බවත් එරට ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.

එහිදී පොලිස් මුරපලක් ආසන්නේදී මෝටර් රථය නවත්වන ලෙස පොලීසිය දන්වා ඇති නමුත් ඔවුන් මෝටර් රථය නවත්වා නැති බව අමාත්‍යවරයා පවසයි.

ඒ හමුවේ පොලිසිය වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බවයි අමාත්‍යවරයා සදහන් කර තිබිණ.

කෙසේවෙතත් සිද්ධිය සම්බන්ධයෙන් රජය විසින් තොරතුරු නිකුත් කරන තෙක් ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඉදිරිපත් කිරීම අමාත්‍යවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

මේ අතර මාධ්‍යවේදියාගේ ඝාතනය සම්බන්ධයෙන් විධිමත් සහ විනිවිදභාවයකින් යුත් පරීක්ෂණයක් සිදු කරන ලෙස පකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ශරීෆ් කෙන්‍යානු රජයෙන් ඉල්ලීමක් ද කර ඇතැයි සදහන් වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles