Friday, March 29, 2024

කලක් ත්‍රස්තව තිබූ කාශ්මීරය දැන් සංචාරක පාරාදීසයක්

2022 වසරේදී සංචාරකයන් ලක්ෂ 22ක් කලාපයට පැමිණ ඇති බවත්, කලක් ත්‍රස්තවාදය හේතුවෙන් උණුසුම් ස්ථානයක් වූ ජම්මු සහ කාශ්මීරය වර්තමානයේ සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇති බවත් ඉන්දීය මධ්‍යම රජයේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

පසුගිය වසරේ මෙලෙස පැමිණි සංචාරකයන් සංඛ්‍යාව මීට පෙර කලාපයට පැමිණි ඉහලම සංඛ්‍යාවන්ට වඩා හතර ගුණයකින් වැඩි බවයි ස්වදේශ කටයුතු අමාත්‍යාංශ වාර්තා සඳහන් කරන්නේ.

පසුගිය සතියේ නිකුත් කරන ලද ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ 2022 වසර අවසාන සමාලෝචන වාර්තාවට අනුව, ජම්මු සහ කාශ්මීරයෙ හි ත්‍රස්තවාදී සිදුවීම් සංඛ්‍යාව 2018 දී 417 සිට 2021 දී 229 දක්වා අඩු වී ඇති අතර, එම සිදුවීම් වලින් දිවි පිදූ ආරක්ෂක හමුදා සාමාජිකයන් සංඛ්‍යාව 2018 දී 91 සිට 2021 දී 42 දක්වා අඩු වී තිබේ.

කාශ්මීර නිම්නය වර්තමානයේ සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇති බවත්, මීට පෙර වසරකට උපරිම වශයෙන් සංචාරකයින් ලක්ෂ 06ක් පමණ පැමිණ ඇති කලාපයේ, පසුගිය වසරේ සංචාරකයන් ලක්ෂ 22 ක් ඉක්මවූ සංඛ්‍යාවක් පැමිණ තිබෙන බවත් එම වාර්තාවේ සදහන් වේ.

එමගින් දහස් ගණනකට රැකියා අවස්ථා ලැබී ඇති බව වාර්තාව පෙන්වාදෙයි. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුත් රජය විසින් යූටී ප්‍රදේශයේ ස්ථීර සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කරමින් සිටින බැවින් ජම්මු හා කාශ්මීරයේ ප්‍රචණ්ඩ ක්‍රියා කිසිවක් දැන් නොමැති බව අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වාදී තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles