Saturday, April 20, 2024

කොහුවල ගුවන් පාලමේ වැඩ නවති..

හංගේරියානු අරමුදල්වලින් ගැටඹේ සහ කොහුවල හන්දි හරහා ඉදිකිරීමට තිබූ ගුවන් පාලම් ව්‍යාපෘති දෙකක් තාවකාලිකව නතර කර ඇති බව වාර්තා වේ.

“රටේ පවතින තත්ත්වය හේතුවෙන් ව්‍යාපෘති තාවකාලිකව නතර කර ඇති අතර ඉක්මනින් නැවත ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. ‘ යැයි එහි ව්‍යාපෘතිය බාර ප්‍රකාශකයෙක් පැවසීය.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසුවේ, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනක් සාකච්ඡා කරන තෙක් මහා පරිමාණ මාර්ග යටිතල පහසුකම් ව්‍යාපෘති කිහිපයක් තාවකාලිකව අත්හිටුවා ඇති බවයි.

හංගේරියානු එක්සිම් බැංකුවේ සහනදායී මූල්‍ය පහසුකමකින් අරමුදල් සපයන ගුවන් පාලම් හතරක් ඉදිකිරීමේ සැලැස්මක් ජනවාරි මාසයේදී අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles