Saturday, April 20, 2024

LPL ඇරඹේ!

2022 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අදින් ආරම්භ වනවා. මෙවර එම තරගාවලිය පැවැත්වෙන්නේ 03 වන වරටයි. තරගාවලියේ සමාරම්භක තරගය Jaffna Kings කණ්ඩායම සහ Galle Gladiators කණ්ඩායම අතර අද පස්වරු 3.00 ට ආරම්භ වන අතර දෙවන තරගය අද 7.30 ට Colombo Stars කණ්ඩායම සහ Kandy Falcons කණ්ඩායම අතර පැවැත්වෙනවා. ස

දින 18 ක් පුරා පැවැත්වෙන මෙවර එල් පී එල් තරගාවලියට තරග 24 ක් ඇතුළත්.

Colombo Stars, Jaffna Kings, Galle Gladiators, Kandy Falcons හා Dambulla Aura යන කණ්ඩායම් 5ක් මෙවර තරගාවලියට එක්වීමට නියමිතයි.

එම තරග සූරියවැව, පල්ලෙකැලේ සහ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනවලදී පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ අවසන් මහා තරගය එළඹෙන 23 වනදා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles