Saturday, April 20, 2024

LPL සත්කාරකත්වය නාමල්ගෙන් ඩඩ්ලිට

මෙවර පැවැත්වෙන LPL තරගාවලියේ සත්කාර දායකත්වය හිමිව ඇත්තේ අරලිය හෝටලය වෙතයි. අරලිය සහල් ප්‍රමුඛ ව්‍යාපාර ගණනාවක් හිමි ඩඩ්ලි සිරිසේන මහතාට මෙම අරලිය හෝටල් ද අයත් වෙනවා. තමන්ට මෙවර LPL සත්කාර දායකත්වය ( Accommodation Partner ) ලැබීම සම්බන්ධව ඔහු ලද ගෞරවයක් බවයි පවසන්නේ.

සිය ෆේස්බුක් ගිණුමට සටහනක් තබමින් ඔහු මේ බව පවසයි.

“රටේ ප්‍රමුඛතම දේශීය සන්නාමයක් නිර්මාණය කළ ව්‍යවසායකයෙකු වන මා හට, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා ගිවිසුම්ගත වෙමින් LPL ක්‍රිකට් තරඟාවලිය සඳහා සත්කාර දායකත්වය ( Accommodation Partner ) සැපයීමට ලැබීම ප්‍රථමයෙන්ම ගෞරවයක් කොට සලකමි.

විශේෂයෙන්ම ඊයේ දිනයේ සිට පවත්වන්නට යෙදුණු මෙම LPL තරඟාවලිය හරහා ලොව පුරා වෙසෙන ක්‍රීඩා ලෝලීන්ගේ අවධානය ශ්‍රී ලංකාව වෙත යොමුවන බව නොරහසකි.

එහෙයින් රටේ සංචාරක කර්මාන්තය හා බැඳුණු ව්‍යාපාර ජාලයක් හිමි ප්‍රධාන පෙලේ දේශීය ව්‍යවසායකයෙකු වශයෙන් මා ලද මෙම අවස්ථාව, දැනට කඩා වැටී ඇති සංචාරක කර්මාන්තයයේ ප්‍රගමනය වෙනුවෙන් යොදා ගැනීමට අදහස් කරගෙන සිටිමි.

අවසාන වශයෙන් මෙම තරඟාවලිය සාර්ථක කරගැනීම වෙනුවෙන් තම නොමඳ දායකත්වය සපයන ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට සහ ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතාට මාගේ ප්‍රණාමය පුදකර සිටින අතර, ක්‍රීඩා ලෝලියෙකු වශයෙන් මෙම තරාඟාවලිය වෙනුවෙන් මාගේ හෘදයාංගම සුභාසිංශණ පිළිගන්වමි.”

LPL තරගාවලියේ සත්කාරකත්වය ලබාගැනීමත් සමඟ ඩඩ්ලි සිරිසේන මහතා සහ තරුණ සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ අරලිය හෝටලයේදී මුණගැසී ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles