Friday, March 29, 2024

LPL සැණකෙළිය අද ඇරඹේ

දෙස් විදෙස් ක්‍රිකට් ක්‍රීඩකයන් සහභාගී වන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවන අදියර අද (05) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතය.

තරගාවලිය දෙසැම්බර් 23 වැනිදා දක්වා පැවැත්වෙයි.

කලම්බු ස්ටාර්ස්, දඹුල්ල ජයන්ට්ස්, ගෝල් ග්ලැඩියේටර්, ජැෆ්නා කිංග්ස් සහ කැන්ඩි වොරියර්ස් යන කණ්ඩායම් 5 මෙවර තරගාවලිය සඳහා එක්වෙයි.

තරගාවලියේ සමාරම්භක උළෙල අද (05) පස්වරු 6ට කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වන අතර තරගාවලියේ පළමු තරගය පැවැත්වෙන්නේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායම අතරය.

තරගාවලියේ පළමු වටයේ තරග සියල්ල ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන අතර අවසන් වටයේ තරග සහ අවසන් මහා තරගය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

මෙවර තරගාවලිය සඳහා ප්‍රේක්ෂකාගාර ධාරිතාවෙන් සියයට 50 ක ප්‍රේක්ෂක සංඛ්‍යාවක් සහභාගි කර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැති හිමිවී තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles