Saturday, April 20, 2024

සාර්ව ආර්ථික අසමතුලිතතාවය පාකිස්තානයේ අපේක්ෂා බිද දමයි

ගතවුණු 2022 මූල්‍ය වර්ෂයේ දී පාකිස්තානය සියයට 5.97 ක ආර්ථික වර්ධනයක් අත්කර ගත්තද දේශීය හා ජාත්‍යන්තර අවදානම් සමඟ සම්බන්ධව පවතින සාර්ව ආර්ථික අසමතුලිතතාවය, එම වර්ධන අපේක්ෂාවන්ට බලපෑ හැකි බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කර තිබේ.

සැපයුමේ බාධාවන් සහ ඉහළ ජාත්‍යන්තර භාණ්ඩ මිල නිසා පාකිස්තාන රාජ්‍ය බැංකුවේ (SBP) ඉල්ලුම කළමනාකරණ ප්‍රතිපත්තිය අසාර්ථක විය හැකි බව එරට ආර්ථික උපදේශක අංශ පවසයි.

පුළුල් සාර්ව ආර්ථික අසමතුලිතතා හේතුවෙන් පාකිස්තානයේ ආර්ථික වර්ධනය අභියෝගාත්මක තත්ත්වයකට මුහුණ දී ඇති බව ද සදහන් වේ.

මෙම මූල්‍ය වර්ෂය අවසානයේ සහ ඉදිරියට රටේ ජංගම ගිණුමේ හිඟය අඩු විය හැකි බව ද එරට වාර්තා පවසයි.

දේශීය පාරිභෝගික මිල ඉහළ යාම පාරිභෝගිකයන්ගේ සහ ආයෝජකයන්ගේ වියදම් බලය සීමා කරමින් ජනතාවගේ ආදායමට බලපෑම් එල්ල කරන බව ද එරට මාධ්‍ය වාර්තා කළේය

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles