Tuesday, April 23, 2024

ආගමික අපහාස නීති සුලු ජාතීන් මැඩීමට යොදා ගන්නා බවට පකිස්තානයට යළි චෝදනා

පකිස්තාන ෆෙඩරල් ආණ්ඩුව මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට එරෙහිව සුළු ජාතීන් ආරක්ෂා කිරීම සඳහා නීතිමය සහ පරිපාලනමය ආරක්ෂණයන් හඳුන්වා දිය යුතු බව පාකිස්තාන සිවිල් සහ මානව හිමිකම් ක්‍රියාකාරීන් අවධාරණය කර තිබේ.

බලහත්කාරයෙන් ආගමට හැරවීමට එරෙහිව පියවර ගැනීම, ආගමික අපහාස කිරීමේ නීති අනිසි ලෙස භාවිතා නොකරන බවට සහතික කිරීමට බරපතල පියවර ගත යුතු බව ජාතික සුළු ජාතීන්ගේ දිනය නිමිත්තෙන් පසුගියදා කරච්චි පුවත්පත් සමාජයේ සිවිල් සහ මානව හිමිකම් ක්‍රියාකාරීන් විසින් පවත්වන ලද ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී සදහන් කෙරිණ.

සුළු ජාතීන්ට බලපාන නීති සහ ප්‍රතිපත්ති සඳහා ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට රජයට කටයුතු කළ යුතු බව ද මෙහිදී අවධාරණය කරනු ලැබිණ.

පාකිස්තාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි වගන්තියෙන් පුරවැසියන්ට ආගමික නිදහස සඳහා ඇති අයිතිය සහතික කර ඇති අතර තර්ජනය කිරීම සහ බල කිරීම මගින් ඔවුන්ගේ ඇදහිල්ල වෙනස් කිරීමට ඔවුන්ට බල කිරීම නීති විරෝධී සහ සදාචාර විරෝධී බව සදහන් කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අයිතිවාසිකම්වල සමානාත්මතාවය, ආගමික නිදහස සහ ආගමික ඉවසීම සහතික කිරීම සඳහා පියවර ගන්නා ලෙස අදාළ ක්‍රියාකාරීහු ෆෙඩරල් සහ ප්‍රාන්ත රජයන් වෙතින් ඉල්ලා සිටිති.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles