Wednesday, April 24, 2024

පකිස්තානයේ ජනමාධ්‍යවලට බරපතළ චෝදනාවක්

ප්‍රජාතන්ත්‍රවාදය නිතර කඩ කරන රට තුළ පැවසිය නොහැකි ඇතැම් සත්‍යයන් පවතින බැවින් මාධ්‍ය පාකිස්තානයේ දැවැන්ත අභියෝගවලට මුහුණ දෙන බව පාකිස්තානයේ ෆෙඩරල් බලශක්ති අමාත්‍ය Khurram Dastgir Khan පවසා තිබේ

“ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තනි කොළයක් සහිත පැලයක් වන මේ රටේ මාධ්‍ය අභියෝග අතිමහත්ය. රටේ කිව නොහැකි ඇතැම් සත්‍යයන් තිබෙන නිසා තේරී පත් වූ නියෝජිතයන් මුහුණ දෙන අභියෝග හා එය සමානයි ” යැයි ඔහු සඳහන් කළේය.

ද නිව්ස් ඉන්ටර්නැෂනල් වාර්තා කරන පරිදි පාකිස්තාන අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ ජනතාව බොරුවෙන් මුදා ගැනීමට මාධ්‍ය අපොහොසත් වී ඇති බවයි.

කෙසේවෙතත් සමාජ මාධ්‍ය සත්‍යය සහ බොරුව අතර රේඛාව මකා දමා ඇති බවත් වත්මන් මාධ්‍ය යුගයේ ප්‍රමාණවත් පිරිස් බලයක් සහ සම්පත් ඇත්නම් යථාර්ථය වෙනස් කළ හැකි දෙයක් බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.

ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සම්මේලනයට (IFJ) අනුව ජනමාධ්‍ය භාවිතය සඳහා ලොව භයානකම ස්ථාන අතරින් පස්වන ස්ථානයට හිමි කරගෙන ඇත්තේ පාකිස්තානයයි.

මාධ්‍ය වාර්තාවලට අනුව 1990 සිට 2020 දක්වා කාලය තුළ එරට මාධ්‍යවේදීන් 138 දෙනෙකු රාජකාරියේදී ජීවිතක්ෂයට පත්ව ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles