Thursday, April 25, 2024

මේ වසරේ සල්ලි අච්චු ගැහිල්ල අඩුවෙලා..!

මෙම වසරේ ජනවාරි මස සිට ඔක්තෝබර් මස දක්වා කාලය තුළ මුදල් මුද්‍රණය කිරීමේ ප්‍රමාණය සීග්‍රයෙන් පහත වැටී ඇතිබව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේය. ලබන වසරේදී උද්ධමනය තවත් පහළ යනු ඇතැයි මහ බැංකුව බලාපොරොත්තු වන බවද හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේය.

සාමාන්්‍යෙන් මුදල් අච්චු ගැසීම ලෙස හඳුන්වන්නේ සමාජයේ ප්‍රසාරණය වන මුදල් ප්‍රමාණය බව ප්‍රකාශ කල ඒ මහතා 2021 වසරේ රුපියල් බිලියන 341 ක වටිනාකමින් යුත් මුදල් ප්‍රමාණයක් සමාජයේ ප්‍රසාරණය වී ඇති අතර එය මෙම වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ රුපියල් බිලියන 47 ක් දක්වා අඩු වී ඇති බවද වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

තව දුරටත් අදහස් දැක්වූ ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රතිපත්ති පොළී අනුපාතයට වඩා වෙළඳපොල පොළී අනුපාතය ඉහළ මටට්මක පවතින බවත් එයට හේතු කිහිපයක් බලපාන බවත් ප්‍රතිපත්ති පොළී අනුපාතය පහළ යන විට වෙළඳපොල පොළී අනුපාතය පහළ නොගියහොත් එය නියාමනය කිරීමට සිදුවන බවත් පෙන්වා දුන්නේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles