Friday, March 29, 2024

ඉන්දියාව දේශසීමාවේ මාර්ග සංවර්ධනය වේගවත් කරයි.

ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය (MoD) මායිම් මාර්ග සංවිධානය (BRO) සමඟ එක්ව, ජම්මු කාශ්මීර සහ ලඩාක් එක්සත් බලප්‍රදේශය ඇතුළු ප්‍රදේශ 12ක් පුරා විවිධ ස්ථාන 75ක මාර්ග පහසුකම් සංවර්ධනය සඳහා කටයුතු කරමින් ඇති බව වාර්තා වේ.

සංචාරකයින්ට අත්‍යවශ්‍ය පහසුකම් සහ සුවපහසුව සඳහා ප්‍රවේශය ලබා දීම සඳහා මෙම වැඩපිළිවෙළ සැලසුම් කර ඇති අතර එමඟින් දේශසීමා කලාපවල ආර්ථික ක්‍රියාකාරකම් වැඩි කිරීමට සහ දේශීය ජනතාව සඳහා රැකියා උත්පාදනය කිරීම රජයේ අපේක්ෂාව වේ.
මෙම මාර්ග අසල පහසුකම් ලබා දීමේ සංකල්පය ‘BRO Cafes’ ලෙස හඳුන්වනු ඇති අතර මෙම සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය හිමි වී ඇති ප්‍රදේශ අතරට අරුණාචල් ප්‍රදේශය, ඇසෑම්, හිමාචල් ප්‍රදේශය, ජම්මු සහ කාශ්මීරය, ලඩාක්, මනිපූර්, නාගලන්ඩ්, පන්ජාබ්, රාජස්ථාන්, සිකීම්, උත්තරාකාන්ද් සහ බටහිර බෙංගාලය ද ඇතුළත් වේ.
වාහන නැවැත්වීම, ආපන ශාලා හා අවන්හල්, පිරිමි, කාන්තා සහ ආබාධ සහිත පුද්ගලයින් සඳහා වෙනම විවේකාගාර, ප්‍රථමාධාර මධ්‍යස්ථාන,වෛද්‍ය පරීක්ෂණාගාර වැනි පහසුකම් සැපයීමට ද මේ යටතේ අපේක්ෂා කරනු ලබයි.

මායිම් මාර්ග සංවිධානය මීට පෙර, උපායමාර්ගික අවශ්‍යතා සපුරාලීමට අමතරව උතුරු හා නැගෙනහිර දේශසීමා වල සමාජ ආර්ථික සංවර්ධනයට දායක වී ඇති අතර එය ළඟා වීමට නොහැකි වූ මෙම සුන්දර ස්ථාන නැරඹීමට සංචාරකයින්ගේ පැමිණීම වැඩි වීමට හේතුවක් වූ බව පැවසෙයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles