Friday, April 19, 2024

කුඩා දුම්රිය ස්ථාන 1000ක් නවීකරණය කිරීමට ඉන්දියාවෙන් සැලසුම්

නව “අම්රිත් භාරත් දුම්රිය ස්ථාන යෝජනා ක්‍රමය” යටතේ කුඩා නමුත් වැදගත් දුම්රිය ස්ථාන 1000ක් නවීකරණය කිරීමට ඉන්දීය දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇති බව වාර්තාවේ.

මෙය සැලසුම් කර ඇත්තේ ප්‍රතිසංවර්ධන වැඩසටහනක් යටතේ විශාල දුම්රිය ස්ථාන 200ක් ප්‍රතිසංස්කරණය කිරීමේ සැලැස්මට අමතරව බව පැවසේ.

නිලධාරීන් පැවසුවේ කුඩා දුම්රිය ස්ථාන නගර මත පදනම්වද හඳුනා ගන්නා බවයි.

විභවයන් සහිත සංවර්ධනය වෙමින් පවතින නගර හඳුනා ගැනීම සහ නගරයේ විවිධ ප්‍රදේශ පමණක් නොව විවිධ නගර අතර සම්බන්ධ කරන නගර මධ්‍යස්ථාන ලෙස දුම්රිය ස්ථාන හදුනාගැනීම මෙහි අරමුණයි.

පාලම් සහ ඊට සම්බන්ධ ප්‍රවාහන ක්‍රම ඇතුළු සෑම දෙයක්ම සිතියම්ගත කිරීම මෙහි සැලැස්මයි

ඵලදායී ලෙස පිරිවැය අවම වන ලෙස දුම්රිය ස්ථාන නවීකරණය කිරීම ආරම්භ කිරීම මෙහි අරමුණ වේ.

අවශ්‍යතාවය අනුව, ප්‍රාදේශීය දුම්රිය කළමනාකරුවන් නවීකරණ කටයුතු සඳහා පියවරෙන් පියවර කැඳවනු ඇති බව එරට දුම්රිය බලධාරීහු පවසති.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles