Friday, March 29, 2024

පාකිස්ථාන බලුකිස්තාන පළාතේ පිපිරීම් කිහිපයකින් පස් දෙනෙකු මරුට

පාකිස්තානයේ බලුකිස්තාන් පළාතේ සිදුවූ පිපිරීම් කිහිපයකින් පුද්ගලයන් පස් දෙනෙකු මිය ගොස් තවත් 10 දෙනෙකු තුවාල ලබා ඇති බව ‘ද නිව්ස් ඉන්ටර්නැෂනල්’ පුවත්පත පසුගියදා වාර්තා කළේය.

ක්වෙටා හි සබ්සාල් මාර්ගයේ අත්බෝම්බ පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයින් හතර දෙනෙකු තුවාල ලැබූ බව පැවසේ.

ක්වෙටා පොලිසියට අනුව අත්බෝම්බ දෙකක් මාර්ගයට විසි කර ඇති අතර ඉන් එකක් පුපුරා ගොස් ඇති අතර අනෙක නිෂ්ක්‍රීය කර තිබේ.

මෙම සිදුවීම හෙළා දකිමින් බලුකිස්තාන් ප්‍රධාන අමාත්‍ය අබ්දුල් කුඩූස් බිසෙන්ජෝ පොලිස් ප්‍රධානියාට උපදෙස් දී ඇත්තේ නගරයේ ආරක්ෂක විධිවිධාන වඩාත් ඵලදායි කරන ලෙසයි.

පාකිස්ථානය පසුගිය සති කිහිපය තුළ විවිධ ත්‍රස්තවාදී ප්‍රහාරවලට මුහුණ දුන්නේය.

නොවැම්බරයේදී පාකිස්ථාන රජය සමඟ ඇෆ්ගන් තලේබාන් විසින් මැදිහත් වූ සටන් විරාමයක් අවසන් කරන බව නිවේදනය කිරීමෙන් පසු රැඩිකල් ඉස්ලාමීය සංවිධානයක් වන ටෙහ්රීක්-ඊ-තලෙයිබාන් ඔවුන්ගේ ප්‍රහාර වේගවත් කර තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles