Wednesday, April 24, 2024

NATO ලංකාවටත් එයිද?

ලොව ප්‍රබලතම ආරක්ෂක සංවිධානය වන අමෙරිකාවේ ප්‍රමුඛත්වයෙන් යුත් නේටෝ සංවිධානයේ සම්බන්ධතා කාර්යාලයක් ජපානයේ විවෘත කිරීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය අනාවරණ කර තිබෙනවා.

ජපානය සහ නේටෝ සංවිධානය අතර ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡා මේ වනවිටත් ආරම්භ වී ඇති බවයි එම මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව නේටෝ සංවිධානයට අයත් කාර්යාලයක් ආසියාව තුළ විවෘත කරන පළමු අවස්ථාව මෙය වනු ඇති.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජපානයේ විදේශ අමාත්‍ය යොෂිමසා හයාෂි පැවසුවේ රුසියාව, යුක්‍රේනය ආක්‍රමණය කිරීම ආරම්භ කිරීම හමුවේ ලෝකයේ ස්ථාවරත්වය සම්බන්ධයෙන් ගැටළු පැන නැගී ඇති බවයි.

සාකච්ඡා ආරම්භ කළ ද ඒ සම්බන්ධයෙන් වන අවසන් තීරණයකට දෙපාර්ශවය මෙතෙක් එළඹ නොමැති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

නේටෝව යනු උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය වනවා. එය ආරම්භ කරන ලද්දේ 1949 දීයි.

සාමාජික රටවල ජනතාව සහ භූමිය ආරක්ෂා කිරීමේ අරමුණින් ක්‍රියාත්මක නේටෝව යුරෝපයේ සහ උතුරු ඇමරිකාවේ රටවල් 31කින් සමන්වි කණ්ඩායමක් වනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles