Friday, March 29, 2024

පකිස්තානයේත් දේශපාලන අර්බුදය උග්‍රවෙයි.

මේ වන විට පකිස්තානය තුළ මුතව ඇති ව්‍යවස්ථාමය සහ දේශපාලනමය අර්බුදයක් තවදුරටත් උග්‍රවෙමින් ඇති බවත් අගමැති ඉම්රාන් ඛාන්ගේ ක්‍රියාකලාපය දැඩි ටලස විවේචනයට ලක්වෙමින් ඇති බවත් වාර්තා වේ.

අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වී තිබූ අවස්ථාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනයක් දක්වමින් ඒ සදහා වන ඡන්ද විමසීම ප්‍රතික්ෂේප කිරීමට නියෝජ්‍ය කතානායකවරයා කටයුතු කළේය.

අනතුරැව , අගමැති ඉම්රාන් ඛාන්ගේ උපදෙස් මත ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරැවා හැරීමට කටයුතු කළ අතර දින අනූවක කාලයක් තුළ අලුත් පාර්ලිමේන්තුවක් පත් කර ගැනීම සදහා ඡන්ද විමසීමක් පැවැත්වෙනු ඇත.

මේ අතර, පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ට එරෙහිව ඉදිරිපත් ව ඇති විශ්වාසභංග යෝජනාව ඉවත දැමීමට පාර්ලිමේන්තුවේ කතානායකවරයාට බලයක් නැතැයි එරට අගවිනිසුරැවරයා පවසා තිබේ.

අගමැති ඉම්රාන් ඛාන්ට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් මන්ත්‍රීවරැන් ඡන්දය භාවිතා කිරීම වළක්වාලීමට අදාළව පවරා ඇති නඩුව විභාගයට ගත් අවස්ථාවේදී පකිස්තාන අගවිනිසුරැ උමාර් අටා බන්ඩියල් මේ බව ප්‍රකාශ කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles