Friday, April 19, 2024

පකිස්තානයේ අන්තර්ජාල දියුණුවට ගූගල් සමාගමෙන් අඩු උනන්දුවක්.

කොවිඩ්-19 වසංගතයත් සමඟ, පකිස්තානයේ මාර්ගගත (Online) මාධ්‍ය පරිභෝජනය ඉහළ ගොස් තිබීම හරහා ගූගල් වැනි ඩිජිටල් දැවැන්තයන්ගේ කාර්යාල දේශියව පිහිටුවීමේ අවශ්‍යතාවය වැඩි කර ඇතත් තමවත් පකිස්තානය තුළ ගූගල් සමාගමේ කාර්යාලයක් ස්ථාපිත කර නොමැති බව වාර්තා වේ.

මෙය පකිස්තානයේ අන්තර්ජාල භාවිතය දියුණු කිරීම සදහා වන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට බාධාවක් වී ඇති එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

පකිස්තානය, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව සඳහා ගූගල් හි කලාපීය අධ්‍යක්ෂ ෆර්හාන් එස් කුරේෂි සමඟ The News International කළ සම්මුඛ සාකච්ඡාවකදී කුරේෂි සදහන් කර ඇත්තේ ගූගල් සමාගම සෑම විටම නව අවස්ථා ගවේෂණය කරන නමුත් මේ අවස්ථාවේ පකිස්තානයේ කාර්යාල විවෘත කිරීම සම්බන්ධයෙන් අදහසක් නොමැති බවයි.

කෙසේ වෙතත් ඩිජිටල් සාක්ෂරතාවය පිළිබඳව කාන්තාවන් සහ තරුණයින් පුහුණු කිරීම, ලොව පුරා ඔවුන්ගේ දක්ෂතා ප්‍රදර්ශනය කිරීම සඳහා දේශීය YouTube නිර්මාපකයින් සමඟ වැඩ කිරීම වෙනුවෙන් පකිස්තානයේ ආයෝජනය කිරීමට ගූගල් සූදානම්ව් බව ද ඔහු මෙහි දී පවසා තිබිණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles