Friday, April 19, 2024

විදුලිය වෙනුවෙන් නොර්වේ රාජ්‍යය ඉන්දියාවේ මිලියන 900ක් ආයෝජනය කරයි

නොර්ෆන්ඩ් විසින් කළමනාකරණය කරනු ලබන නව නෝර්වීජියානු දේශගුණික ආයෝජන අරමුදල ඉන්දියාවේ විදුලි සම්ප්‍රේෂණ ව්‍යාපෘතියක් වෙනුවෙන් ඉන්දියානු රුපියල් මිලියන 900 ක පළමු ආයෝජනය පසුගියදා සිදුකර තිබේ.

නොර්වේහි හි විශාලතම විශ්‍රාම වැටුප් සමාගම වන කේ.එල්.පී. සමඟ එක්ව, ReNew Power විසින් සංවර්ධනය කරන ලද කරණාටක ප්‍රදේශයේ ඉන්දියානු සම්ප්‍රේෂණ ව්‍යාපෘතිය වෙනුවෙන් මෙම ආයෝජනය සිදුකර ඇත.

ඉන්දියාවේ නෝර්වීජියානු තානාපති හාන්ස් ජේකබ් ෆ්‍රයිඩන්ලන්ඩ් පවසා ඇත්තේ ඉන්දියාවේ සහ ගෝලීය වශයෙන් විශාලතම පුනර්ජනනීය බලශක්ති ස්වාධීන බලශක්ති නිෂ්පාදකයකු වන ReNew Power සමඟ හවුල්කාරිත්වයෙන්,කර්නාටකයේ කොප්පල් හි සම්ප්‍රේෂණ ව්‍යාපෘතියේ සියයට 49 ක හිමිකාරීත්වය සඳහා මෙලෙස රුපියල් මිලියන 900 ක් පමණ ආයෝජනය කර ඇති බවයි.

ඉදිරි වසර විස්සක විදුලි ඉල්ලුමේ වර්ධනය සපුරාලීම සඳහා ඉන්දියාවට, යුරෝපා සංගමයේ සියලු රටවලට අවශ්‍ය තරම් බලශක්ති පද්ධතියක් එක් කිරීමට අවශ්‍ය වනු ඇත.

සූර්ය හා සුළං බලශක්තිය ඉහළ නැංවීම සඳහා විදුලිබල පද්ධතිය ස්ථාවර කිරීමට සහ සූර්ය හා සුළං උද්‍යාන සඳහා වඩාත් සුදුසු ප්‍රදේශවලින් ශක්තිය ප්‍රවාහනය කිරීමට සම්ප්‍රේෂණ මාර්ග සඳහා ඉන්දියාවට සැලකිවයුතු විදේශ ආයෝජනයක් අවශ්‍ය වේ. කර්නාටකයේ මෙම නෝර්වීජියානු ආයෝජනය හරහා ගිගාවොට් 2.5ක පුනර්ජනනීය ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කරනු ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles