Friday, February 7, 2025
Home Blog Page 3

ආණ්ඩුව ඇහැලේපොළ වලව්වත් දෙයි!

0

2024-2-19 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණයන් පරිදි ඇහැළේපොළ වලව්ව ශ්‍රී දළදා මාලිගාව වෙත පවරාදීම සම්බන්ධයෙන් අදාළ සියලු පාර්ශවයන් සමඟ සාකච්ඡා කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ලේකම්ට දැනුම් දී ඇතැයි රජය කියයි.

ඒ අනුව ඉදිරිපත් කර ඇති වාර්තාව මගින් ඇහැලේපොළ පවුල ප්‍රමුඛ කර ගනිමින් වසර සිය ගණනකට එපිට පැවති මහනුවර රාජධානිය ශ්‍රී විභූතිය හා එම පරිසරයේ පසුබිම නිරූපණය වන අයුරින් මෙම ගොඩනැගිල්ල තුළ ඉටි රූප කෞතුකාගාරයක් පිහිටුවීමටත් එමඟින් එම ඉතිහාසය පිළිබඳ තොරතුරු වර්තමාන ජන සමාජය වෙත වඩාත් ආකර්ෂණීය අයුරින් ඉදිරිපත් කිරීමට සහ දේශීය හා විදේශීය සංචාරක ආකර්ෂණය ඇති කිරීමත් අරමුණු කරගනිමින් ශ්‍රී දළදා මාලිගාව විසින් ඇහැලේපොළ වලව්ව  ආශ්‍රිත ව්‍යාපෘතියක් සකස් කරනු ලැබ ඇත.

එබැවින් අදාල ගොඩනැගිල්ල ශ්‍රී දළදා  මාලිගාව වෙත පවරාදීම සුදුසු බවට නිර්දේශ කර තිබේ.

ඒ අනුව ඇහැලේපොළ වලව්ව හා ඊට අයත් භූමිය පූජා ඔප්පුවක් මගින්  දළදා මාලිගාව වෙත පවරාදීම පිණිස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

මෙලෙස පවාරා දෙනු ලබන්නේ මහනුවර නගර මධ්‍යෙය් රජවීදියේ ඇති, බෝගම්බර රිමාන්ඩ් බන්ධනාගාරයක් ලෙස අසල ඇති ඇහැලේපොල වලව්වයි. රත්නපුර ඇහැලේපොල වලව්ව, ජාතික කෞතුකාගාර දෙපරේතමේන්තුව යටතේ පවතියි.

ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැලසුම්කරු පිළිබඳව රුසියාව දැඩි අවධානයෙන්– පුටින්

0

මොස්කව්හි රංග ශාලාවකට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය‍, IS සංවිධානයේ ක්‍රියාවක් බවත් ඊට යුක්රේනයේ කිසිදු සම්බන්ධතාවක් නොමැති බවත් විශ්වාස කිරීමට ඇමරිකාව විවිධ මාර්ග ඔස්සේ සියළු දෙනා පෙළඹවීමට උත්සාහ කරමින් සිටින්නේ යැයි රුසියානු ජනාධිපති Vladimir Putin මහතා පසුගියදා(25) පැවසීය.

එම ත්‍රස්ත ප්‍රහාරය ඉස්ලාම් අන්තවාදීන් එල්ල කළ බවට රුසියාව විසින් සනාථ කර ගෙන තිබේ. එහෙත් ඔවුන්ගේ අනුග්‍රාහකයින් සම්බන්ධ තොරතුරු කෙරෙහි රුසියාව වඩාත් සැලකිලිමත් වන බව Vladimir Putin මහතා කීය.
ප්‍රහාරය එල්ල කිරීමෙන් පසු ත්‍රස්තවාදීන් යුක්රේනය වෙත පලා යාමේ හේතුව හා එහිදී ඔවුන් අපේක්ෂාවෙන් සිටි පාර්ශ්වය පිළිබඳව රුසියාව විමර්ශනය කළ යුතු ය. යුක්රේන රජයට පක්ෂපාතී පුද්ගලයන්, ත්‍රස්තවාදී මෙහෙයුමට සහය ලබා දෙන පාර්ශ්වය බවට පත් වීමට අකැමැත්තෙන් සිටිය හැකි නමුත්, තව බොහෝ සැක උපදවන කරුණු පවතින බව ද රුසියානු ජනාධිපතිවරයා පැවසීය.

රනිල්ගේ වැඩ ගැන වජිරගෙන් පොතක්… එළිදැක්වීම අද නෙළුම් පොකුණේදී

0

තම පක්ෂයේ සියලු ආසන අහිමිව එක් ආසනයකට පමණක් සීමා වූ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ මහතාව කාටූන් ශිල්පීන්ගේ ඇසට හසු වූ ආකාරය “PRESS VS PREZ” ග්‍රන්ථය සම්පාදනය කිරීමේදී වජිර අබේවර්ධන මහතා විසින් පාදක කරගෙන තිබේ.

එනම් තනි අසුනක් හිමිව තිබියදී එම අසුනෙන් රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතු යැයි වජිර අබේවර්ධන මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කරමින් සිටියදී මාධ්‍යවේදීන් සහ කාටූන් ශිල්පීන් එය දුටු ආකාරය මෙහි ඇතුළත්ය.

එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2021 ජූනි 23 වැනි දින 9 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දෙන අවස්ථාවේ වජිර අබේවර්ධන මහතා මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කළේ “රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ තනි මන්ත්‍රී ආසනයකින් වුවත් එය අගමැති ධුරයට පත්වී, ජනාධිපති ධුරය දක්වා ගොස්, වැටෙන රට ගොඩගැනීම සඳහා ප්‍රමාණවත්ය” යන්නයි.

එම අවස්ථාව මෙම කාටූන් පොතේ කාටූනයක් ලෙස සටහන් වී තිබේ.

ඉන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා මහජන නියෝජිතයකු ලෙස පාර්ලිමේන්තුව තුළ දිගින් දිගටම සත්‍යය ප්‍රකාශ කරමින් සිටියදී 2022 අප්‍රේල් මාසයේදී යම් පිරිසක් විසින් ශ්‍රී ලංකාව බංකොලොත් රටක් බව නිවේදනය කරනු ලැබීය.

මේ තත්ත්වය තුළ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම ඇනහිටි අතර, රටේ ජනතාව පාරට බැස්සේය. එහි ප්‍රතිඵලයක් ලෙස එවකට සිටි අග්‍රාමාත්‍යවරයා ධුරයෙන් ඉල්ලා අස් වූ අතර වජිර අබේවර්ධන මහතා ඇතුළු පාර්ලිමේන්තුවේ බහුතරයක් එහිදී ප්‍රකාශ කළේ මෙම අවස්ථාවේ රට භාරදිය යුතු සුදුසුම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මහතා බවයි.

කිසිවකු අගමැති ධුරයේ වගකීම භාර ගැනීම සඳහා ඉදිරිපත් නොවූ අවස්ථවේ වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළ එක් මන්ත්‍රී ආසනයෙන් අගමැති වීමේ පළමු අනාවැකිය සත්‍යයක් බවට පත් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා 2022 මැයි 12 වැනිදා මෙරට අග්‍රාමාත්‍ය ධුරයේ වැඩ භාර ගත්තේය.

ඉන් අනතුරුව ඇතැම් පිරිසක් අරගලය මුවාවෙන් රට තුළ ගෙන ගිය ප්‍රචණ්ඩත්වයේ ප්‍රතිඵලයක් ලෙස 2022 ජූලි 09 වැනි දින රනිල් වික්‍රමසිංහ මහතාට සිය නිවෙස ද අහිමි වූ අතර ගිනිබත් වූ නිවෙසේ ඡායාරූප ද මෙම කෘතියෙහි පළ වී තිබේ.

නමුත් එයින් ද නොනැවතුණු රනිල් වික්‍රමසිංහ මහතා අරගලය හමුවේ එවකට සිටි ජනාධිපතිවරයා ද ධුරයෙන් ඉවත්වීමෙන් පසු 2022 ජූලි 15 වැනිදා තම පවුල නියෝජනය කරන වාළුකාරාමයේදී මෙරට වැඩබලන ජනාධිපතිවරයා ලෙස අගිවිනිසුරුවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

2022 ජූලි 20 වැනිදා පාර්ලිමේන්තුවේ පැවැති ඡන්ද විමසීමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 134 දෙනකුගේ කැමැත්ත ඇතිව, වජිර අබේවර්ධන මහතාගේ දෙවැනි අනාවැකිය ද යථාර්ථයක් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා මෙරට 08 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් විය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීම ද මෙම කෘතියෙහි කාටූන් මඟින් සටහන් කර තිබේ.

එපමණක් නොව වැටුණු ආර්ථිකයක්, පෝලිම් යුගයක්, බලාපොරොත්තු සුනුවිසුනු වූ රටක් රනිල් වික්‍රමසිංහ නම් ජාතික නායකයා විසින් ගොඩගත් ආකාරය ජනමාධ්‍යවේදීන් හා කාටූන් ශිල්පීන් දුටු ආකාරය ද මෙම ග්‍රන්ථයේ මැනවින් සටහන් කර තිබේ.

රට ගොඩගැනීමේ වැඩපිළිවෙළට ජාත්‍යන්තර ප්‍රජාවගේ සහාය ලබා ගැනීමට ජනාධිපතිවරයා ගත් ප්‍රයත්නය කාටූන් ලෙස නිර්මාණය වූ අකාරය ද මෙහි අන්තර්ගතය.

ඉතිහාසයේ නොවූ විරූ දැවැන්ත ආර්ථික අර්බුදයෙන් රටත් ජනතාවත් මුදාගත් නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව සනාථ කරමින් එම සියලු අවස්ථා කාටූන් මඟින් ජනගත වූ අයුරු විදාහ දැක්වීමට Coffee Book එකක් ලෙස නිර්මාණය කළ මෙම කාටූන් පොත මඟින් වජිර අබේවර්ධන මහතා දැරූ උත්සාහය මෙයින් මනාව පිළිබිඹු වේ.

මෙහි ඉංග්‍රීසි පරිවර්තනය මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය නිරංජන් ගුණවර්ධන මහතා විසින් සිදු කර ඇති අතර සිංහල අනුවාදයන් සකස් කිරීම මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරුවකු හා ජනමාධ්‍යවේදියකු වන සී.ජේ. අමරතුංග මහතා විසින් සිදු කර තිබේ.

ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් වැදගත් මෙම කාටූන් පොත “PRESS VS PREZ” නමින් අද (07) නෙළුම් පොකුණේ රඟහලේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එළිදැක්වේ.

2024 චීන ජාතික මහජන කොංග්‍රසයේ ඇරඹේ!

0

චීන ලක්ෂණවලින් යුත් සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදය පිළිඹිබු කෙරෙන 14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ දෙවැනි සැසිවාරය අද උදෑසන බෙයිජිංහිදී ආරම්භ විය. චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඇතුළු චීන කොමියුනිස්ට් පක්ෂයේ හා රජයේ නායකයන් මෙන්ම ජාතික මහජන කොංග්‍රසයේ නියෝජිතයන් 2900ක පමණ පිරිසක් මෙම සමාරම්භක උත්සවයට එක්ව සිටියහ.
මෙම දෙවැනි සැසිවාරයේ දී චීන අග්‍රාමාත්‍යවරයා 2024 රාජ්‍ය කාර්ය වාර්තාව ඉදිරිපත් කළේය.

කොරොනා වසංගතය පාලනයෙන් පසු තීරණාත්මක ජයග්‍රහණය ලබා ගත් චීනය ප්‍රධාන ආර්ථික හා සමාජ සංවර්ධන ඉලක්ක පූර්ණ ලෙස සාක්ෂාත් ක‍ර ගත් බවත් නවීකරණ සමාජවාදී රටක් නිර්මාණය කර ගැනීමට කටයුතු කරමින් සිටින බවත් චීන අග්‍රාමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර තිබේ. චීන මහජන සමූහාණ්ඩුව ස්ථාපිත කිරීමේ 75වැනි සංවත්සරය මෙම වසරට යෙදී තිබෙන අතර ‘14වැනි පස්අවුරුදු සැලැස්ම’ ක්‍රියාවට නැංවීමේ තීරණාත්මක වසරක් ලෙසට ද මෙම වසර සැලකේ.

ජනපතිවරණය ලඟයි! විදුලිය හා තෙල් මිල ටිකක් අඩුවෙයි….

0

ඩීසල් සහ ඔක්ටේන් 92 පෙට්‍රල් මිල සංශෝධනය නොකරන බවත් සෙසු ඉන්ධන වර්ග තුනේ මිල ඊයේ (4) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දමන බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව පැවසීය.

ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියල් 9 කින්, සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5 කින් අඩු කළ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේය.

එම මිල පහළ දැමීත් සමඟ ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක නව මිල රුපියල් 447 ක්, ලංකා සුපර් ඩීසල්  ලීටරයක නව මිල රුපියල් 458 ක් සහ භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 257 බවට පත්වූ බව ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේය.

ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක මිල රුපියල් 371 ක සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 363 ක තව දුරටත් පවතින බවත්  එම සංස්ථාව කීය.

ඒ අතරම, විදුලි ගාස්තු සියයට 21.9 කින් අඩු කළ බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා ඊයේ (4) පස්වරුවේ පැවසීය.

එම විදුලි ගාස්තු සංශෝධනය ද ඊයේ (4) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බවත් මෙම ගාස්තු සංශෝධනයේදී අඩුම ඒකක සංඛ්‍යාවක් පරිභෝජනය කරන අඩු ආදායම් ලාභීන් ලෙස සැළකෙන කාණ්ඩයට වැඩිම සහනය දුන් බවත් සභාපතිවරයා කීය.  

එම ගාස්තු සංශෝධනයේදී ඒකක 30 ට අඩු කාණ්ඩයේ ගාස්තුව සියයට 33 කින්, ඒකක 31ත් 60ත් අතර කාණ්ඩයේ ගාස්තුව සියයට 28 කින්, ඒකක 61ත් 90ත් අතර කාණ්ඩයේ ගාස්තුව සියයට 30 කින්, ඒකක 91ත් 180ත් අතර කාණ්ඩයේ ගාස්තුව සියයට 24 කින් සහ ඒකක 180 ට වැඩි ගෘහස්ථ කාණ්ඩය ගාස්තුව සියයට 18 කින් අඩු කළ බව ද සභාපතිවරයා සඳහන් කළේය.

ඉන්දීය රජයෙන් යාපනේට ‘පරිප්පු‘ වෙනුවට විදුලිය!

0

ඩොලර් මිලියන 10 කට අධික මුදලක් වැය කරමින් යාපනය දූපත් තුනක් වෙනුවෙන් විදුලිබලය සැපයීම ස`ඳහා දෙමුහුම් බලශක්ති ව්‍යපෘතියේ ඉදිකිරිමට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අද (1) පෙරවරුවේ ගිවිසුම්ගත විය.

ඉන්දීය රජයේ පුර්ණ මූල්‍ය ප්‍රදානයක් ලෙස ලැබෙන ඇමෙරිකානු ඩොලර් මිලියන 10.995 ක මුදලින් ඩෙල්ෆ්, එලුවතිව් සහ නයිනතිව් (නාගදීපය) යන දූපත්වලට මෙම ව්‍යපෘතියෙන් විදුලිය සැපයීමට නියමිතය.

කිලෝ වොට් 530 ක සුළං බලය, කිලෝ වොට් 1700 ක සුර්ය බලය සහ කිලෝ වොට් පැය 2400 ක බැටරි පද්ධතියක් සමග පුනර්ජනනීය බලය සහ විකල්ප කිලෝ වොට් 2500 ක ඩීසල් බලයෙන් ක්‍රියාත්මක වන මෙම දෙමුහුම් පද්ධතිය ඉදිකිරීම් ලබන වසරේ මාර්තු වන විට අවසන් කිරීමට බලාපොරොත්තු වේ.

මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් මූල්‍ය පහසුකම් දීම වෙනුවෙන් ඉන්දීය රජයට, මෙරට ඉන්දීය මහ කොමසාරිස්වරයාට, මෙරට හිටපු මහ කොමසාරිස්වරයාට සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්ට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ස්තූතිය පළ කළේය. (ලංකාදීප)

ඊශ්‍රායලය හා පලස්තීනය අතර කඩිනම් සටන් විරාමයක් ඇරඹීම ජගත් ප්‍රජාවේ පොදු අභිලාෂයක් බව චීනය පවසයි

0

ඊශ්‍රායලය හා පලස්තීනය අතර සටන් විරාමයක් කඩිනමින් ක්‍රියාත්මක කිරීම ජගත් ප්‍රජාවේ පොදු අභිලාෂයක් බව චීනය පවසයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 55වන සමුළුවට එක් වෙමින් චීන නියෝජිත චෙන් ශියු මහතා පසුගියදා (29) ඊශ්‍රායල-පලස්තීන අර්බුදය පිළිබඳ චීන ස්ථාවරය පැහැදිලි කළේ ය.

දැනට ගාසා තීරයේ පෙර නොවූ විරූ මානුෂීය ව්‍යසන සිදු වෙමින් පවතී. එහි වහාම සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම, සාමය පුනරුත්ථාපනය කිරීමේ මූලික කොන්දේසිය මෙන් ම ජගත් ප්‍රජාවේ පොදු අභිලාෂයක් බව එක්සත් ජාතීන්ගේ ජිනීවා කාර්යාලයේ හා ස්විට්සර්ලන්තයේ එක්සත් ජාතීන්ගේ සෙසු ජගත් සංවිධානවල චීන නියෝජිත චෙන් ශියු මහතා කියා සිටියේ ය.‍ ගාසා තීරයේ මානුෂීය මෙහෙයුම් සිදු කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දෙන ලෙසත්, ජාත්‍යන්තර අධිකරණය නිකුත් කළ සටන් විරාමය පිළිබඳ නියෝග ක්‍රියාත්මක කරන ලෙසත්, ඔහු ඊශ්‍රායලයෙන් ඉල්ලීමක් කර ඇත. පලස්තීන භූමිය ආක්‍රමණය කිරීමටත් පලස්තීන ජනතාව බලහත්කාරයෙන් පිටුවහල් කිරීමටත් චීනය තරයේ විරුද්ධ වන බව ද චීන නියෝජිතවරයා අවධාරණය කළේ ය.

කොළඹ හොල්ලන නව සන්ධානයේ දෙවැනි රැලිය 24

0

“ශක්තිමත් ආර්ථිකයක් – ජයග්‍රාහී ගමනක්” යන තේමාව යටතේ නව සන්ධානය විසින් සංවිධානය කරනු ලබන ජන රැළි මාලාවේ දෙවන පියවර පෙබරවාරි 24 වෙනි දින කොළඹ හයිඩ් පාර්ක් පිටියේදී පස්වරු 2.30 ට පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

නව සන්ධාන කොළඹ දිස්ත්‍රික් නායක අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත්, වෙළෙද අමාත්‍ය නලින් ප්‍රනාන්දු, මෙහෙයුම් නායක අනුර ප්‍රියදර්ශන යාපා, නව සන්ධාන නිර්මාතෘ නිමල් ලාන්සා, ප්‍රියංකර ජයරත්න, සූගීෂ්වර බන්ඩාර යන මහත්වරුන් මෙම රැළියට සහභාගී වීමට නියමිතව ඇත.

මෙහිදී නැගෙනහිර හා කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන ප්‍රබල දේශපාලඥයින් කිහිප දෙනෙකු නව සන්ධාන වේදීකාවට ගොඩවීමට නියමිතව ඇති බව නව සන්ධාන ආරංචි මාර්ග සඳහන් කරයි.

ගෘහ සේවයට කාන්තාවන් විදේශ ගත කිරීම අත්හිටුවීමට ඇමැති මනුෂගෙන් පියවර

0

ශ්‍රී ලාංකික කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස විදේශ රැකියා සදහා පිටත් කර යැවීම සම්පූර්ණයෙන්ම නතර කිරිමට අවශ්‍ය පියවර ගැනීම සදහා වන යෝජනාවලියක් සහ සැලසුම් කඩිනමින් තමන් වෙත ලබාදෙන ලෙසට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉහළ කළමනාකාරීත්වයට සහ බලපත්‍රලාභී විදේශ සේවා නියුක්ති නියෝජිත ආයතන සංගමයට 20 දින දැනුම් දුන්නේය.

ගෘහ සේවිකාවන් ලෙස ශ්‍රමිකයින් පිටත් කර යැවීම නතර ඉහළ වැටුප් ලබාගත හැකි පුහුණු රැකියා අවස්ථා සදහා පමණක් ශ්‍රමිකයින් යැවීමේ වැදගත්කමද අමාත්‍යවරයා අවධාරණය කළේය.

ඒ අනුව වසර දහයක් තුළදී ගෘහ සේවිකාවන් විදේශ රැකියා සදහා පිටත් කර යැවීම සම්පූර්ණයෙන්ම නතර කිරීම සදහා ක්ෂේත්‍රයට සම්බන්ධ සියලුම පාර්ශවයන් සම්බන්ධ කරගනිමින් මෙම යෝජනාවලිය තමන් වෙත ලබාදෙන ලෙසද බලපත්‍රලාභී විදේශ සේවා නියුක්ති නියෝජිත ආයතන සංගමය සමග අද පැවති සාකච්ඡාවේදී අමාත්‍යවරයා දැනුම් දුන්නේය.

ඕ ලෙවල් ලියන දරුවන්ට පණිවුඩයක්…!

0
A/L Students

2024 මැයි මස අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට (2023) පෙනී සිටීමට ජාතික හැඳුනුම්පත් ලබාගැනීමට ඉල්ලුම් කර ඇති පුද්ගලයින්ට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ මෙතෙක් තොරතුරු තහවුරු කිරීමේ ලිපිය නොලැබුණු ඉල්ලුම්කරුවන්ට පහත පහසුකම් ඔස්සේ ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපිය ලබාගත හැකි බවය.