Thursday, April 25, 2024

හමුදාවට සහ අධිකරණයට එරෙහි අන්තර්ගතයන් විකාශනය කිරීමට එරෙහිව පාකිස්ථාන මාධ්‍යට අනතුරු ඇඟවීම්

පාකිස්තානයේ විද්‍යුත් මාධ්‍ය නියාමන අධිකාරිය පසුගියදා එරට රූපවාහිනී නාලිකාවලට රටේ සන්නද්ධ හමුදාවන්ට සහ අධිකරණයට එරෙහි අන්තර්ගතයන් විකාශනය කිරීමට එරෙහිව අනතුරු ඇඟවීම් කර තිබේ.

පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය විසින් යම් නීති උල්ලංඝනයක් සිදු කරන්නේ නම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මාධ්‍ය නිරීක්ෂණ කණ්ඩායම ප්‍රකාශ කළ බව ද එක්ස්ප්‍රස් ට්‍රිබියුන් වාර්තා කළේය.

චන්ද්‍රිකා රූපවාහිනී නාලිකා කිහිපයක්, රාජ්‍ය ආයතන එනම් සන්නද්ධ හමුදාවන්ට සහ අධිකරණයට එරෙහිව අපහාසාත්මක අන්තර්ගතයන් විකාශනය කරන බව නිරීක්ෂණය වී ඇති බව නියාමන අධිකාරිය සිය ට්විටර් මාධ්‍ය ගිණුම තුළ සඳහන් කර ඇත.

රට තුල පවතින දේශපාලන අර්බුදයට සන්නද්ධ හමුදා සම්බන්ධ කිරීමට එරෙහිව පාකිස්ථාන හමුදාව දේශපාලඥයින්ට සහ මාධ්‍යවේදීන්ට පසුගියදා සිදුකළ අනතුරු ඇඟවීමෙන් පසුව මෙය සිදු වී තිබේ.

පසුගිය මාසයේ ඉම්රාන් ඛාන් නෙරපා හැරීමත් සමඟ පකිස්ථාන හමුදාවේ භූමිකාව දැඩි අවධානයට ලක්වී ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles