Friday, April 26, 2024

පාකිස්ථාන ආරක්ෂක බලධාරීන්ට ‘සන්නා’ එරෙහි වෙයි.

පාකිස්තාන හමුදාව විසින් පාකිස්ථානය ආරක්ෂක බලධාරීන් විසින් පාලනය කරනු ලබන බන්ධනාගාරයක් වැනි පද්ධතියක් බවට පරිවර්තනය කර ඇතැයි එරට මාධ්‍යවේදිනියක සහ මානව සම්පත් ක්‍රියාකාරිනියක වන සන්නා එජාස් පවසයි. සන්නා එජාස් යනු ‘පෂ්තුන් තහෆුන්’ (Pashtun Tahafuz) ව්‍යාපාරයේ (PTM) ප්‍රමුඛ සාමාජිකාවක් මෙන්ම පෂ්තුන් ජන වර්ගයට අයත් කාන්තාවන් අතර දේශපාලන දැනුවත්භාවය ගෙන ඒම අරමුණු කරගත් ‘වාක්'(Waak) ව්‍යාපාරයේ ආරම්භක සාමාජිකාවකි. ඇය කලින් අවාමි ජාතික පක්ෂයේ (Awami National Party (ANP)) තරුණ අංශයේ උප සභාපතිනිය ලෙසද කටයුතු කර ඇත. සන්නා එජාස් 2018 වසරේදී පකිස්තානයේ ජාතික විකාශන සේවාව වන පකිස්තාන රූපවාහිනී සංස්ථාවේ තනතුරෙන් ඉවත් කරන ලද්දේ මානව හිමිකම් සහ විශේෂයෙන් පාකිස්ථානයේ සුළුතර අයිතිවාසිකම් සම්බන්ධ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම හේතුවෙනි. එතැන් සිට ඇය ඝාතන තැත් තුනකින් දිවි ගලවා ගෙන දැන් ලන්ඩනයේ ජීවත් වේ.

ඇයගේ මානව හිමිකම් පිලිබඳ හඬනැගීම් හේතුවෙන් ඇයගේ පෙර සේවායෝජකයන්ට පාකිස්තාන හමුදාවෙන් නිතර බලපෑම් එල්ලවී ඇත. පසුගියදා දකුණු ආසියානු අධ්‍යයනය සඳහා වූ යුරෝපීය පදනමේ (EFSAS) අධ්‍යක්ෂ ජුනයිඩ් කුරේෂි සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සන්නා පෙන්වාදී ඇත්තේ පාකිස්ථානය ආරක්ෂක අධිකාරීන් විසින් පාලනය කරනු ලබන බන්ධනාගාරයක් වැනි පද්ධතියක් බවට පරිවර්තනය කෙරෙමින් ඇති අතර, අන්තර් සේවා බුද්ධි අංශය (ISI) එම මිලිටරි පාලනය තහවුරු කිරීමේදී විශේෂයෙන් කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටු කරන බවයි.

මානව හිමිකම් ක්‍රියාකාරීන්ට එරෙහි මර්දනය, හමුදාවේ දේශීය පාලන ආකෘතියේ ප්‍රධාන අංගයක් වන බවටද සන්නා එජාස් පෙන්වාදෙයි. කාන්තා ක්‍රියාකාරීන් අත්විඳින මර්දනය විශේෂයෙන් අධිකවී ඇත්තේ පාකිස්තානයේ පීතෘමූලික පාලනය තවදුරටත් ව්‍යාප්තවීම හේතුවෙන් බව ඇය අවධාරණය කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles