Saturday, April 20, 2024

ත්‍රස්තවාදයට එරෙහිව පකිස්තානයේ විරෝධතා

පකිස්ථානයේ කයිබර්පක්තුන්ක්වා පළාතේ ගෝත්‍රික දිස්ත්‍රික්කයක දහස් ගණන් ජනයා වීදි බැස කලාපයේ නැඟී එන ත්‍රස්තවාදයට එරෙහිව විරෝධය පල කර ප්‍රදේශයේ සාමය ඇති කිරීම සදහා සිවිල් පරිපාලනයට සිය වගකීම් ඉටු කරන ලෙස ඉල්ලා සිටි බව වාර්තා වේ.

සාම පාගමන දකුණු වසිරිස්තානයේ වානා නගරයේ ‘වන සියාසි ඉතිහාද්’ (WSI) විසින් සංවිධානය කරන ලද බව ඩෝන් පුවත්පත වාර්තා කළේය.

මෙම විරෝධතා පාගමනට PTI, ජමාත්-ඊ-ඉස්ලාමි සහ අනෙකුත් දේශපාලන පක්ෂ සාමාජිකයින් ද එක්ව සිටි අතර සිය ගණනකගේ සහභාගීත්වය දක්නට ලැබුනු බව සදහන් වේ.

විරෝධතාකරුවන් දිස්ත්‍රික්කයේ සන්නද්ධ කණ්ඩායම් තහනම් කරන ලෙසත් ආරක්ෂාව තහවුරු කරන ලෙසත් අවධාරණය කර සිටි බව පැවසේ.

බලධාරීන් ඔවුන්ගේ ඉල්ලීම් ඉටු කිරීමට අපොහොසත් අඛණ්ඩ විරෝධතා පවත්වන බවට විරෝධතාකරුවන් අනතුරු අඟවා තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles