Thursday, April 25, 2024

පකිස්තාන ආරක්ෂක අංශ බලුකිස්තානයේ දේශපාලන විරැද්ධවාදීන්‍ට එරෙහි දැඩි මර්දනයක.

පාකිස්ථාන ආරක්ෂක අංශ බලුකිස්තාන ජාතික ව්‍යාපාරයේ දේශපාලන ක්‍රියාකාරීන් ඉලක්ක කරගත් දැඩි මර්දනයක් දියත් කර ඇති බවට චෝදනාවක් එල්ල වී තිබේ.

එම ආරක්ෂක අංශ , දේශපාලන ක්‍රියාකාරීන්ගේ නිවෙස්වලට කඩා වැදී ඔවුන්ගේ පවුල්වලට හිරිහැර කිරීම බහුලව සිදුකරන බව එරට වාර්තා කියයි.

දේශපාලන ක්‍රියාකාරීන් පිළිබඳ තොරතුරු ලබා ගැනීම, දරැවන්ට අරගලය අත්හරින ලෙස දන්වන්නැයි මාපියන්ට බලපෑම් ආදිය මෙහිදී සිදුකරන බව පැවසේ.

ඇතැම් අවස්ථාවල දී පාකිස්තාන අණේඩුවේ ආධාරකරැවන් සහ හමුදා බලුකිස්තාන දේශපාලන ක්‍රියාකාරීන්ගේ පවුල්වලට හිරිහැර කිරීමෙන් නොනැවතී ඔවුන්ගේ නිවෙස්වලට ගිනි තැබූ සිද්ධීන් පවා වාර්තා වේ.

වර්තමානයේ පකිස්තානයේ ප්‍රාන්තයක් ලෙස පැවතියද බලුකිස්තානය කලකට පෙර වෙනම රාජ්‍යයක් ලෙස පැවති එකක් අතර මේ වන විට යළි එම පැරණි වෙනම රාජ්‍යය ස්ථාපිත කර ගැනීම සදහා නිදහස් අරගලයක් ක්‍රියාත්මක වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles