Wednesday, April 24, 2024

පකිස්තානයේ දේශපාලඥයෙකු ලංකාව පකිස්තානය හා සමකරයි.

පාකිස්ථාන රජයේ අමාත්‍යවරුන් සිදුකරන විදේශ සංචාරවලින් කිසිදු ප්‍රතිලාභයක් ලබා නැතැයි එරට හිටපු අමාත්‍යවරයකු පවසා තිබේ.

රටේ අසාර්ථක ආර්ථිකය ගොඩගැනීමට මූල්‍ය ආධාර ලබා ගැනීමට උත්සාහ කරන විදෙස් චාරිකාවලින් පාකිස්තානයේ නව අගමැති ෂෙහ්බාස් ෂරීෆ් ප්‍රථිපල හිමි කර නොගෙන හිස් අතින් ආපසු පැමිණි බව පාකිස්තාන හිටපු ෆෙඩරල් අමාත්‍ය සහ පීටීඅයි නායක අසාද් උමාර් සදහන් කර ඇත.

ඉම්රාන් ඛාන් බලයෙන් පහ කිරීමෙන් පසු බලයට පත්වීමෙන් පසු ෂෙබාස් සෞදි අරාබියට කරන පළමු විදේශ සංචාරය පසුබිම් කරගෙන ඔහු මෙම ප්‍රකාශය සිදු කර තිබේ.

අගමැති ෂෙහ්බාස් ෂරීෆ්ගේ තෙදින සංචාරයේදී ඔහු සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු ඇතුළු නිලධාරීන් හමුවිය.

චීනය, සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු කිසිදු රටක්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා, පකිස්තානයට මුදල් ලබා දෙන්නේ නැති බව අසාද් උමාර් ඉස්ලාමාබාද්හි පැවති මාධ්‍ය හමුවකදී පැවසූ බව ඩෝන් පුවත්පත වාර්තාකරයි.

උමාර් වැඩිදුරටත් පවසා ඇත්තේ පාකිස්ථානයේ තත්වය තවත් සති කිහිපයකින් ශ්‍රී ලංකාවේ වර්තමාන තත්වය හා සමාන වනු ඇති බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles