Thursday, April 18, 2024

මෝදිගේ කාශ්මීර ගමන ගැන පකිස්තානයට රිදෙයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පසුගියදා ජම්මු සහ කාශ්මීරයේ සිදුකළ සංචාරය පිළිබඳ පාකිස්තානයේ ප්‍රකාශය ඉන්දියාව දැඩි ලෙස හෙළා දැක තිබේ.

ඉන්දියාවේ ස්වයං පාලිත ප්‍රදේශයක් වන ජම්මු සහ කාශ්මීරය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට පාකිස්තානයට ඉඩක් නොමැති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක අරවින්ද් බගාචි පැවසීය.

පාකිස්තානයේ ප්‍රකාශයන් පිළිබඳ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් බගාචි කියා සිටියේ අග්‍රාමාත්‍යවරයාට ලැබුණු ආරාධනය සහ එම භූමියේ සිදුවී ඇති වෙනස්කම් සංචාරය ගැන මතු කර ඇති ඕනෑම ප්‍රශ්නයකට ඉතා පැහැදිලි පිළිතුරක් බවයි.

අගමැති මෝදි පසුගිය ඉරිදා ජම්මු සහ කාශ්මීරයට ගොස් ජාතික පංචායත් රාජ් දිනය සැමරීමට සහභාගී වූ අතර එහි සිට රට පුරා සියලුම ග්‍රාම සභා ඇමතීය.

370 ව්‍යවස්ථාව අවලංගු කිරීමෙන් පසු ජම්මු සහ කාශ්මීරයට කල ඔහුගේ පළමු ප්‍රධාන සංචාරය විය.

මෙම සංචාරය අනවසර එකක් බවට පකිස්තානය විසින් චෝදනා නගා තිබිණ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles