Friday, April 19, 2024

චීන ආධාර නැවතී පකිස්තානයේ දුම්රිය ව්‍යාප්තයක් ඇණ හිටියි.

ශක්‍යතා පිරිවැය සම්බන්ධයෙන් එකඟතාවක් නොවීම හේතුවෙන්, පාකිස්තානයේ ප්‍රධාන මාර්ගයේ (ML-1) දුම්රිය ව්‍යාපෘතිය අත්හිටුවීමට ඉඩ ඇතැයි වාර්තා වේ.

චීන පාකිස්තාන ආර්ථික කොරිඩෝව (CPEC) යටතේ, පාකිස්තාන දුම්රිය මාර්ගයේ ML-1 ව්‍යාපෘතිය එරට විශාලතම යෝජිත යටිතල පහසුකම් ව්‍යාපෘතිය ලෙස සැළකේ.

මේ සදහා 2020 අගෝස්තු 5 වන දින ඇමරිකානු ඩොලර් බිලියන 6.8068 ක ඇස්තමේන්තුගත පිරිවැයකට අනුමැතිය ලබා දුන් බව පැවසේ.

එහෙත් ML-1 ව්‍යාපෘතියේ PC-1 හි පිරිවැය සඳහා චීන පාර්ශ්වය එකඟ නොවන බැවින් එය අතරමඟ නතර වී ඇතැයි සදහන් වේ.

පාකිස්තානයේ අලුතින් තේරී පත් වූ ෂෙබාස් ෂරීෆ් රජය විසින් ඒ අනුව බොහෝ දුරට චීන-පකිස්තාන ආර්ථික කොරිඩෝ (CPEC) අධිකාරිය අහෝසි කිරීමට ඉඩ ඇතැයි එරට වාර්තාවල දැක්වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles