Friday, March 29, 2024

පාකිස්ථාන කාන්තාවෝ අගනුවරදීත් අනාරක්ෂිතයි

අගනුවර විශාලතම උද්‍යානය වන ෆාතිමා ජින්නා උද්‍යානයේ දී තම මිතුරෙකු සමඟ සවස් වරුවේ ඇවිදීමට ගිය පාකිස්ථාන තරුණියකට මිනිසුන් දෙදෙනෙකු විසින් පහර දී ලිංගික අතවර කර ඇත.

මෙම සිද්ධිය සමාජ මාධ්‍යවල කැළඹීමක් ඇති කර ඇති අතර කාන්තා අයිතිවාසිකම් කණ්ඩායම්වල විරෝධතාවලටද හේතුවී තිබේ.

සැකකරුවන් දෙදෙනා පොලිසිය සමග සිදු වූ වෙඩි හුවමාරුවකදී මියගිය බව ඉස්ලාමාබාද් පොලිසිය නිවේදනය කළේය.

ඉස්ලාමාබාද්හි ස්ත‍්‍රී දූෂණ සිද්ධිය සහ පොලිසිය විසින් සැකකරුවන් ඝාතනය කිරීම පකිස්තාන කාන්තාවන්ගේ අයිතිවාසිකම් සහ එරට යුක්තිය පසිඳලීමේ දුර්වලතා පිළිබඳව යලි සෝදිසි කිරීමකට තුඩු දී ඇති බව Nikkei Asia වාර්තා කරයි.

2021 දී පකිස්ථානයේ ස්ත්‍රී දූෂණ 5,200 ක් වාර්තා වී ඇති බව පකිස්ථානයේ මානව හිමිකම් කොමිසම (HRCP) පවසයි.

ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් වරදකරුවන් වීමේ ප්‍රතිශතය සියයට 3කටත් වඩා අඩු බව WAR AGAINST RAPE නමැති ක්‍රියාකාරී සංවිධානය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පාකිස්ථාන මානව හිමිකම් කොමිසමෙහි හිටපු සභාපතිවරියක වන Zohra Yousaf විශ්වාස කරන්නේ කාන්තාවන් සඳහා ඇති ඉඩකඩ හැකිලෙමින් පවතින බවයි. “පකිස්ථානය වැනි රටක, කාන්තාවන් බාධක බිඳ දැමීමට උත්සාහ කරන විට, සමාජයේ පුරුෂාධිපත්‍යය ස්ත්‍රී දූෂණය නමැති ප්‍රචණ්ඩ මෙවලම යොදා ගනිමින් ඒවා නැවැත්වීමට උත්සාහ කරයි,”
නීතිය ක්‍රියාත්මක කරන ආයතන සාමාන්‍යයෙන් වින්දිතයන් සමඟ සහයෝගයෙන් කටයුතු නොකරන අතර ඔවුන්ගේ දුක් වේදනා තවත් වැඩි කරන බව ඇය පෙන්වාදී ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles