Friday, April 19, 2024

සිංද් ජාතිකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන්නැයි ඉල්ලා පාකිස්තානයේ පෙළපාලි

ඇෆ්ගන් සංක්‍රමණිකයන්ට සිංද් ජාතිකයන් ඝාතනය කිරීම සඳහා බලපත්‍ර ලබාදී ඇති බවත් වහා සිංද්වරුන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන ලෙසත් ඉල්ලා පකිස්තානයේ හයිද්‍රාබාදහි විරෝධතාවයක් පැවැත්විණි.

පසුගියදා සිංදි තරුණයකු වන බලාල් කාකා ඇෆ්ගන් ජාතිකයකු විසින් ක්වාසිබාද් හි පිහිටි තම හෝටලය තුළදී වෙඩිතබා ඝාතනය කිරීමට විරෝධය දක්වමින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණේය.

මේ විරෝධතාවය පාකිස්තානයේ සිංද් ප්‍රාන්තයේ විවිධ ප්‍රදේශවල සංවිධානය කර තිබූ බව විදෙස් වාර්තා සඳහන් කළේය.

අදාළ වෙඩි තැබීමෙන් සිංද් තරුණයකු ඝාතනයට ලක්ව ඔහුගේ මිතුරන් දෙදෙනකු දැඩි ලෙස තුවාල ලබා තිබුණේ ආපන ශාලාව තුළදී බිල් පත සම්බන්ධයෙන් මතුවූ ගැටලුවක් පිළිබඳ බහින් බස්වීමක් දුර දිග යාමෙනි.

වාඩාවා නම් ප්‍රදේශයේ .සුපර් සලාටීන් නමැති හෝටලයේ හිමිකරුවන් විසින් අදාළ වෙඩි තැබීම සිදුකර මෙම සිංද් තරුණයා ඝාතනය කර තිබුණේ යැයි විශ්වාස කෙරේ.

මෙම උද්ඝෝෂණයට එක්ව සිටි විරෝධතාකරුවන් පවසා තිබුණේ සිංදි ජාතිකයන් සුළුතරයක් බවට පත්කිරීමේ කුමන්ත්‍රණයක් දියත්ව ඇති බවත් එහි එක් ප්‍රතිඵලයක් ලෙස මේ ආකාරයෙන් සිංදි තරුණයන් ඝාතන රැල්ලක් නිර්මාණයකර ඇති බවත්ය.

අධික පොලියට ණය ලබාදීම හා මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකිරීම මගින් ඇෆ්ගන් ජාතිකයන් මුදල් උපයා ගනිමින් සිංද්වරුන්ගේ ප්‍රාන්තය ආක්‍රමණය කරමින් තිබීම මෙම ඝාතන මගින් පිළඹිබු වන බව උද්ඝෝෂකයෝ පවසති.

ආපන ශාලාවක් තුළ බහින් බස්වීමක් මුවාවෙන් සිංද් තරුණයකු ඝාතනය කිරීම කේවල් සිද්ධියක් නොවන බවත් එය සුවිශේෂී කුමන්ත්‍රණයක පියවරක් පමණක් බවත් උද්ඝෝෂකයන්ගේ අදහසයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles