Friday, April 26, 2024

චීන ගල් අගුරු නිසා පකිස්තානය අර්බුදයක.

චීනයෙන් සිදුකළ ගල් අගුරු ආනයන සදහා නියමිත ගෙවීම් සිදුකර ගැනිමට නොහැකිව පකිස්තානය දැඩි අර්බුදයකට මුහුන පා සිටී.

ගල් අගුරු ආනයනය සදහා පකිස්තානයේ බලශක්ති සමාගම් විසින් රුපියල් බිලියන 350 ක ඉක්මවූ බිල්පත් සදහා චීනයට ගෙවීම කළ යුතුව ඇති බව වාර්තා වෙයි.

එහෙත් පකිස්තානය මේවනවිට දැඩි විදේශ විනිමය අර්බුදයකට මුහුන පා සිටින බැවින් අදාල බිල්පත් ගෙවීම ගැටලුකාරී වී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම තත්ත්වය හමුවේ තවදුරටත් චීනයෙන් ගල් අගුරු ආනයනය කිරීමට නොහැකි තත්ත්වයකට ද පකිස්තානයේ බලශක්ති සමාගම් මුහුන දී සිටින බව වාර්තා වෙයි.

පවතින තත්ත්වය හමුවේ චීනයේ රෙමින්බි මුදල් ඒකකයෙන් ගෙවීම් සිදු කර ගල් අගුරු මිලදී ගැනීමටයි පකිස්තානයේ ඇතැම් බලශක්ති සමාගම් පියවර ගෙන ඇත්තේ.

සුදුසු ක්‍රියාමාර්ග හරහා ගල් අගුරු ආනයනයේදී සමාගම් මුහුන පාන ගැටලු නිරාකරණය කරන ලෙස අග්‍රාමාත්‍ය ශෙබාස් ශරීෆ් උපදෙස් ලබා දී තිබුනද එම ගැටලු විසදීමට පකිස්තානය රජය අපොහොසත් වී ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

පකිස්තානය චීනයෙන් ඇනවුම් කළ ගල් අගුරු තොග මේවනවිටත් වරායන් වෙත ලගා වී ඇති නමුත් සැපයුම්කරුවන්ට ගෙවීම් සිදු කර නොමැති බැවින් එම ගල් අගුරු තොග නිදහස් කර ගැනීමට නොහැකි වී ඇති බව ද විදෙස් මාධ්‍ය පවසයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles