Tuesday, April 23, 2024

පකිස්තාන ආරක්ෂක අංශ විදේශයන්හි පිටුවහල්ව සිටින ක්‍රියාකාරීන් දඩයමේ

පාකිස්තානයේ බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ විසින් විදේශයන්හි පිටුවහල්ව සිටින විවිධ ක්‍රියාකාරීන් ඉලක්ක කරගෙන විශේෂ මෙහෙයුම් දියත් කරන බවට චෝදනාවක් එල්ල වී තිබේ.

කැනඩාව පදනම් කරගත් අයිතීන් සහ ආරක්ෂාව සඳහා වූ ජාත්‍යන්තර සංසදය වාර්තා කරන්නේ,ශක්තිමත් නීතියේ ආධිපත්‍යය සහිත ප්‍රජාතන්ත්‍රවාදී රටවල පිටුවහල්ව ජීවත් වන මෙම විරුද්ධවාදීන්ව පකිස්තාන ආරක්ෂක අංශ විසින් විවිධ මිනීමරුවන් සහ කුමන්ත්‍රණකරුවන් යොදා ලුහුබදිමින් ඇති බවයි.

විශේෂයෙන් , ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, නෙදර්ලන්තය සහ ප්‍රංශය තුළ මෙම පකිස්තාන විරුද්ධවාදීන් ඉලක්ක කර ගත් මෙහෙයුම් සිදුවන බවද විදෙස් වාර්තාවල දැක්වේ.

මෙම වින්දිතයන්ට එල්ලවන තර්ජන වැඩිවෙමින් පවතින බවත් ඒ හේතුවෙන් පිටුවහල්ව සිටින පාකිස්තාන ජාතිකයන් තම පුද්ගලික ආරක්ෂාව ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතු බවත් එම රටවල ආරක්ෂක අංශ ද සදහන් කර ඇතැයි පැවසේ.

මාධ්‍යවේදීන්, බ්ලොග්කරුවන් සහ දේශපාලන විශේෂඥයන් තර්ජනයට ලක්ව සිටින පිරිස අතර වන බව වැඩිදුරටත් වාර්තා වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles