Wednesday, April 24, 2024

යළි බලයට ඒමට රට අවුස්සන බවට ඉම්රාන්ට චෝදනා

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් යළිත් ජාතිවාදය සහ තරැණ හැගීම් ඉස්මතු කරමින් බලයට ඒමේ උත්සහයක නිරත වන බවට එරට හිටපු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් පිරිසක් පෙන්වා දී තිබේ.

ඔවුන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, තම ආණ්ඩුව බිඳ වැටීමෙන් පසු, ඉම්රාන් ඛාන් මේ මාසයේ රටපුරා යළි විරෝධතා රැළි ආරම්භ කිරීමට සැරසෙන බවයි.

පේෂාවර් සහ කරච්චි හි අනුප්‍රාප්තික රැලි දෙකක් පවත්වමින් ඒ සදහා විශාල පිරිසකට සහභාගී වන්නැයි ඉල්ලා සිටි ඉම්රාන් තවත් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් විදේශ කුමන්ත්‍රණයන්ට එරෙහිව නිදහස් අරගලය නැවතත් ආරම්භ වන බව සදහන් කර තිබේ.

සිය දේශපාලන විරුද්ධවාදීන් “ජාතික ද්‍රෝහීන්” බවත් නව භාරකාර ආණ්ඩුව “ආනයනික ආණ්ඩුවක්” බවත් ඉම්රාන් මෙහිදී වැඩිදුරටත් පවසා ඇත.

තමන්ට පාර්ලිමේන්තු බහුතරය අහිමිවීම තමාගේම වැරදි ආර්ථික කළමනාකරණය තුළින් සිදුවූවක් බව හඳුනා ගැනීමට අගමැතිවරයා අපොහොසත් වී ඇති බව මේ පිළිබද අදහස් දැක්වූ හිටපු පකිස්තාන රාජ්‍යතාන්ත්‍රිකයන් සදහන් කර ඇත.

ඔවුන් වැඩිදුරටත් සදහන් කර ඇත්තේ, යළි බලය ලබා ගැනීම සඳහා ඉම්රාන් පාකිස්තානයේ ජාතිකවාදය සහ දේශප්‍රේමය අවුස්සමින් සිටින බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles