Friday, April 26, 2024

පකිස්තානයේ ආර්ථිකයත් අවුලෙන් අවුලට

විදේශ විනිමය සංචිත අඩුවෙමින් පැවතීම මධ්‍යයේ විදේශ ණය ඉහළ යාම හේතුවෙන් පාකිස්තානය ආර්ථික දැඩි අවුලකට ලක්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

පකිස්තානයේ විදේශ ණය සේවාකරණය 2021-22 පළමු කාර්තු තුන තුළ ඩොලර් බිලියන 10.886 දක්වා ඉහළ ගොස් ඇති අතර එය 2021 සමස්ත මුල්‍ය වර්ෂයේ විදේශ ණය සේවාකරණ ප්‍රමාණය වන ඇ.ඩො බිලියන 13.38 ට සාපේක්ෂව ඉහළ අගයකි.

ඉහළ යන විදේශ ණය සේවා මධ්‍යයේ විදේශ විනිමය සංචිත වේගයෙන් ක්ෂය වෙමින් පවතින බැවින් මෙම තත්ත්වය පාකිස්තානයට බරපතල ගැටලුවක් ඇති කරනු ඇති බව විශ්ලේෂකයන් පවසා තිබේ.

2020-21 පළමු කාර්තුවේ ඩොලර් බිලියන 3.51 ට එරෙහිව FY22 පළමු කාර්තුවෙහි බාහිර ණය සේවාකරණය ඩොලර් බිලියන 1.653 ක් විය.

කෙසේ වෙතත්, FY22 දෙවන කාර්තුවෙහි ණය සේවාකරණය ඇ.ඩො බිලියන 4.357 දක්වාත්, තුන්වන කාර්තුවෙහි දී ඇ.ඩො බිලියන 4.875 දක්වාත් ඉහළ ගොස් ඇති බව පැවසේ.

පසුගිය මාසයේ අග භාගයේදී චීනයෙන් ඩොලර් බිලියන 2.3 ක ගලා ඒමක් තිබියදීත්, පකිස්තාන රාජ්‍ය බැංකුවේ විදේශ විනිමය සංචිත තනි ඉලක්කමකට පහත වැටීම නිසා පාකිස්තානය මෙලෙස බරපතල ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටියි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles