Friday, April 19, 2024

ඉන්දීය භූතාන සබදතා නව මගකට

භූතානය සමඟ වන ද්විපාර්ශවීය සබඳතා තවදුරටත් වැඩි දියුණු කිරීමට ඉන්දියාවට කටයුතු කරමින් ඇති බව වාර්තා වේ.

භූතානය ඉන්දීය විදේශ ප්‍රතිපත්තියේ පළමු හා වැදගත් කොටසක් වන අතර ඉන්දියාවේ ඊසානදිග කලාපයේ ප්‍රගතිය වෙනුවෙන් ජල මාර්ග භාවිතා කිරීමේ හැකියාව පිළිබඳව මේ වන වි‍ට දෙරට සාකච්ඡා පවත්වමින් සිටින බව එහි දැක්වේ.

භූතානයේ ආරක්ෂාව සිය වගකීමක් ලෙස සලකන ඉන්දියාව භූතානයේ ආරක්ෂක හමුදාවන්ට පුහුණුව ලබා දීම සඳහා ඉන්දීය හමුදා පුහුණු කණ්ඩායම (IMTRAT) භූතානයේ පිහිටුවා ඇත.

ඉන්දු-භූතාන දේශසීමා ප්‍රවේශය සම්බන්ධීකරණය ඇතුළු ආරක්ෂාව සම්බන්ධ ප්‍රධාන කරුණු ගණනාවක් පිළිබඳව දෙරට සාකච්ඡා කරමින් සිටින අතර ඒ අනුව නිතිපතා ඉන්දු-භූතාන ආරක්ෂක සහ දේශසීමා කළමනාකරණ රැස්වීම් පැවැත්වෙන බව ද සඳහන් වේ.
දෙරටේ දිගුකාලීන සුහද සබඳතා මධ්‍යයේ සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීම සදහා මෙම සාකච්ඡා ක්‍රියා කරනු ඇතැයි පැවසේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles