Friday, March 29, 2024

බංගලාදේශ අගමැතිනියට ලැබුණු අන්නාසි තෑගි

රාජ්‍ය තාන්ත්‍රික සබදතා තවදුරටත් වර්ධනය කරගැනීමේ අරමුණින් ඉන්දියාවේ ත්‍රිපුර ප්‍රධාන අමාත්‍ය මනික් සාහා විසින් අන්නාසි තොගයක් බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා වෙත යවා තිබේ.

බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂීක් හසීනා වෙනුවෙන් එම ත්‍යාග තොගය බංග්ලාදේශ තානාපති කාර්යාලයට ලැබී ඇති බව සදහන් වේ.

මේ පිළිබද අදහස් දක්වමින් ත්‍රිපුර උද්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ දීපක් බයිඩියා පැවසුවේ, මෙම ත්‍යාග හුවමාරුව නැවුම් දෙයක් නොවන බවත් දෙරට අතර මිත්‍රශීලී පියවර වසර ගණනාවක් තිස්සේ අඛණ්ඩව සිදුවෙමින් පවතින බවත්ය.

බංග්ලාදේශ රජය සෑම වසරකම සැප්තැම්බර් හෝ ඔක්තෝම්බර් මාසයේ දී ඉතා වටිනා හිල්සා මාළු ත්‍රිපුර පාලකයා වෙත එවන බවත් ඔහු පැවසීය.

අද්විතීය රසය සහ ඉල්ලුම හේතුවෙන් ත්‍රිපුර අන්නාසි සෞදි අරාබිය, ජපානය සහ එක්සත් රාජධානිය ඇතුළු රටවල් ගණනාවකට අපනයනය කෙරේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles