Friday, March 29, 2024

අගමැති අස්වෙන්න සුදානම්..

පාර්ලිමේන්තුවේ 113 ක බහුතරය විපක්ෂය විසින් පෙන්වනු ලබන ඕනෑම අවස්ථාවක තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර තිබෙනවා.

වසර 50 කට වැඩි කාලයක් තමන් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය අනුව කටයුතු කළ දේශපාලනඥයෙක් බව ද ඔහු පැවසීය.

තමන්ගේ අරමුණ ඉදිරියටත් එලෙසම ක්‍රියා කිරීම බවත් ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් තමන්ට එකසේ හුරුපුරුදු තැනක් යයිද ඔහු වැඩි දුරටත් කියා සිටියා.

මෙහිදී දැනට යෝජනා වී තිබෙන අන්තර්වාර ආණ්ඩුවේ අගමැති ධුරය සඳහා නම් තුනක් යෝජනා වී තිබේ.

කතානායක මහින්ද යාපා අබේවර්ධන, දිනේෂ් ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම යන මහතුන්ගේ නම් එසේ යෝජනා වී ඇත.

ඊට අමතරව වාසුදේව නානායක්කාර, රමේෂ් පතිරණ යන මහත්වරුන්ගේ ද නම් ඇතැම් පිරිස් විසින් යෝජනා කර තිබිණි.

මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙන් ඉවත් වීමට කටයුතු නොකරන්නේ නම් විශ්වාස භංග යෝජනාවක් හෙට දිනයේ සිට අත්සන් කිරීමට තීරණය වී ඇතැයි වාර්තා වනවා.

මෙම යෝජනාව සඳහා ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයට එක්වූ කණ්ඩායමද සහාය දෙනු ඇති බවද සඳහන්.

අවශ්‍ය කරන අත්සන් සම්පූර්ණ කරගැනීමෙන් පසු ඊළඟ පාර්ලිමේන්තු දිනයක දී කතානායකවරයාට එය භාරදීමට නියමිතව තිබේ.

මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද හෝ හෙට දවස ඇතුලත සිය ධුරයෙන් ඉල්ලා අස් වීමේ වැඩි ඉඩකඩක් ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සඳහන් කරනවා.

අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් වීමට පෙර ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වනු ඇති බව තමනට තොරතුරු ලැබී ඇති බවත් හෙතෙම පැවසීය.

දැනට ඇති තත්ත්වය මත පාර්ලිමේන්තුවේ විශ්වාසභංගය ජයගත හැකි තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි ද හෙතෙම සදහන් අවධාරණය කළා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles