Tuesday, April 16, 2024

පාකිස්තානයේත් බලශක්ති ක්ෂේත්‍රය විනාශයි!

ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් යුතු වූ පකිස්ථාන ටෙහ්රීක්-ඉ-ඉන්සාෆ් (PTI) ආණ්ඩුව රටේ බලශක්ති ක්ෂේත්‍රය විනාශ කළ බවට පාකිස්ථාන මුස්ලිම් ලීගය-නවාස් (PML-N) නායක ෂාහිඩ් ඛාකාන් අබ්බාසි සදහන් කර තිබේ.

ඉම්රාන් ඛාන් රජය යටතේ බලශක්ති ක්ෂේත්‍රය බිඳ වැටී ඇත්තේ එහි නොහැකියාව සහ නොසලකා හැරීම නිසා බව අබ්බාසි ප්‍රකාශ කළ බව ද නිව්ස් ඉන්ටර්නැෂනල් වාර්තා කළේය.

බලශක්ති අංශයට නව ද්‍රව ස්වාභාවික වායු (LNG) පර්යන්ත ඉදිකර නොමැති බවත්, පැවති LNG පර්යන්ත දෙක නිසි ලෙස භාවිතා කිරීමට හිටපු රජය අපොහොසත් වූ බවත් ඔහු පැවසීය.

අලුතින් යෝජිත LNG පර්යන්තවල ගැටළු විසඳීමට ඉම්රාන් ඛාන් රජය අපොහොසත් වූ බවත්, එබැවින් ඔවුන්ගේ ගැටළු පිළිබඳව සෘජුවම දැන ගැනීම සඳහා ඒවායේ අයිතිකරුවන් කැඳවීමට වත්මන් රජය තීරණය කර ඇති බවත් ෂාහිඩ් ඛාකාන් අබ්බාසි වැඩිදුරටත් පැවසීය.

මේ අතර, මුදල් අමාත්‍ය මිෆ්තා ඉස්මයිල්, ඉම්රාන් ඛාන් නෙරපා හැරීමට සති කිහිපයකට පෙර ඉන්ධන සඳහා අධික සහනාධාර ප්‍රකාශයට පත් කරමින් ජනතාව මුලා කළ බවට ද චෝදනා කළේය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) සමඟ ඇනහිට ඇති ණයදීමේ වැඩසටහන නැවත පණ ගැන්වීම සඳහා රජයට ලබාදුන් සහනාධාර ඉවත් කර ගැනීමට සිදුවන බවද ඔහු පවසා තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles