Friday, March 29, 2024

පකිස්තාන කාශ්මීරය ඉවරයි.

පාකිස්තානය විසින් සිදුකරන ස්වභාවික සම්පත් අධික ලෙස සූරාකෑම සහ වන විනාශය හේතුවෙන් පාකිස්ථාන පාලනය යටතේ පවතින කාශ්මීරය හෙවත් අසාද් කාශ්මීරය බරපතල පාරිසරික අභියෝගවලට මුහුණ දී සිටින බව වාර්තා වේ.

අදාළ ප්‍රදේශයේ දැව සඳහා අසීමිත ලෙස ගස් කැපීම හේතුවෙන් එම කලාපයේ දැවැන්ත පාරිසරික විනාශයක් සිදුව ඇති අතර අසාමාන්‍ය ලෙස උණුසුම් උෂ්ණත්වයක් ද හටගෙන තිබේ.

මුසාෆරාබාද් දිස්ත්‍රික් කවුන්සිලයේ හිටපු පරිපාලක කුර්ශීද් හුසේන් ස්වභාවික සම්පත් අධික ලෙස විනාශ කිරීම ගැන පකිස්තාන පරිපාලනයට දොස් පවරා ඇතත් පාකිස්තාන රජය එම තත්ත්වය දිගටම නොසලකා හරිමින් ඇතැයි පැවසේ.

ආණ්ඩුව විසින් කලාපය තුළ කෘත්‍රිම විල් ඇති කරන බවට පොරොන්දු රැසක් ලබා දී ඇතත්, ඒවා ඉටු නොවූ බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

කලාපයට සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා නවාතැන් සහ අනෙකුත් පහසුකම් සඳහා ප්‍රතිපාදන සම්පාදනය කිරීමට රජය අපොහොසත් වී ඇති බවටද ඔවුන් චෝදනා කර තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles