Friday, March 29, 2024

මැතිවරණ කොමිසමේ ප්‍රධානියාට එරෙහිව පකිස්තානය පුරා විරෝධතා

පකිස්තාන ප්‍රධාන මැතිවරණ කොමසාරිස් සිකන්දර් සුල්තාන් රාජාට එරෙහිව ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් පක්ෂය අප්‍රේල් 26 දා පකිස්තානයේ මැතිවරණ කොමිසම් කාර්යාල ඉදිරිපිට විරෝධතාවයන් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

එම පක්ෂ නායක ෆවාඩ් චෞද්රි සිය නිල ට්විටර් ගිණුම හරහා කියා සිටියේ පසුගිය ඉරිදා පක්ෂයේ දේශපාලන කමිටුවේ රැස්වීමක් පැවති බවත් එහිදී පාකිස්තාන මැතිවරණ කොමිසම සම්බන්ධ ගැටළු පිළිබද සාකච්ඡා කළ බවත්ය.

සුල්තාන් රාජා පක්ෂග්‍රාහී බවට චෝදනා කරන චෞද්රි , PTI පක්ෂයට විරුද්ධව කටයුතු කළ එම පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ආසන ඉවත් කිරීමේ ප්‍රකාශයක් තවමත් පාකිස්තාන මැතිවරණ කොමිසම විසින් නිකුත් කර නොමැති බවට ද චෝදනා කළේය.

ඒ අනුව, මැතිවරණ කොමසාරිස්වරයාගේ හැසිරීමට එරෙහිව PTI පක්ෂය විසින් අඟහරුවාදා රට පුරා මැතිවරණ කොමිසමේ කාර්යාල ඉදිරිපිට විරෝධතාවක් පවත්වන බව ද චෞද්රි පැවසීය.

මේ අතර, මැතිවරණ කොමසාරිස්වරයා පැවසූයේ තමාට ඉල්ලා අස්වීමට අදහසක් නොමැති බවත්, රටේ යහපත සඳහා දිගටම කටයුතු කරන බවත්ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles