Saturday, April 20, 2024

සරණාගතභාවය අපේක්ෂා කරන චීන ජාතිකයින්ගේ වර්ධනයක්

වත්මන් පාලනය යටතේ විදේශයන්හි දේශපාලන රැකවරණ පතන චීන ජාතිකයින්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙන බව වාර්තා වේ.

එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය UNHCR විසින් නිකුත් කරන ලද සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ 2012 දී චීන ජාතිකයින් 12,000 ක් පමණ විදේශගතව සරණාගතභාවය ඉල්ලා සිටියද,, 2021 වන විට එම සංඛ්‍යාව 120,000 කට ආසන්න සංඛ්‍යාවක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

2020 දී සහ 2021 වර්ෂ සඳහා නිකුත් කරන ලද නව සංඛ්‍යා අනුව කොවිඩ් සීමා කිරීම් නොතකා සරණාගතභාවය අපේක්ෂිතයන්ගේ අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කර තිබේ.

සමස්තයක් වශයෙන් ගත් කල, 2012 වසරේ සිට 730,000ක් පමණ චීන ජාතිකයින් සරණාගතභාවය පතා ඇති අතර, 170,000කට වැඩි පිරිසක් සරණාගත තත්ත්වය යටතේ චීනයෙන් පිටත ජීවත් වන බව ද අදාළ වාර්තාවේ දැක්වේ.

පසුගිය වසරේ චීනයේ අයදුම්කරුවන් 88,722ක් එක්සත් ජනපදය වෙත ද 15,774ක් ඕස්ට්‍රේලියාව වෙත ද පිටව ගිය බව සදහන් වේ.

කැනඩාව, බ්‍රසීලය, දකුණු කොරියාව සහ එක්සත් රාජධානිය වෙත ද දහස් ගණනක් චීන ජාතිකයන් සරණාගතභාවය සඳහා අයදුම් කර තිබූ පැවසේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles