Wednesday, April 17, 2024

කාලගුණයෙන් රතු නිවේදනයක්..!

ගිනිකොණදිග බෙංගාල බොක්ක සහ දකුණු අන්දමන් ආශ්‍රිත මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව අද (07) පෙරවරු 8.30 පමණ වනවිට එම කලාපයේ අඩුපීඩන කලාපයක් වර්ධනය වෙමින් පවතින බව එම නිවේදනයේ දැක්වේ.

ඉදිරි පැය කිහිපය තුළ වයඹ දෙසට ගමන් කර ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ දී පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී මැයි 8 වන විට නැගෙනහිර මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එනිසා නැවත දැනුම්දෙන තුරු උතුරු අක්ෂාංශ 7 – 14ත් අතර සහ නැගෙනහිර දේශාංශ 86 – 93ත් අතර මායිම්වන මුහුදු ප්‍රදේශය සහ සමකයත් උතුරු අක්ෂාංශ 4 නැගෙනහිර දේශාංශ 80 – 95ත් අතර මුහුදු ප්‍රදේශයට යාත්‍රා නොකරන ලෙස ධීවරයින්ට හා නාවිකයින්ට දැනුම් දෙයි.

දැනට එම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles