Thursday, April 18, 2024

ගිවිසුමට අනුව සිරකරුවන් නිදහස් කරන්න – ඉන්දියාව පාකිස්ථානයෙන් ඉල්ලයි

පාකිස්තාන අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් 631 දෙනෙකු සහ සිරදඬුවම් අවසන් කර කර ඇති සිවිල් සිරකරුවන් දෙදෙනකු නිදහස් කර ආපසු සියරට එවන ලෙස ඉන්දියාව පසුගියදා පාකිස්තානයෙන් ඉල්ලා සිටියේය.

මීට අමතරව, පාකිස්තාන අත්අඩංගුවේ සිටින තවත් ඉන්දියානු ධීවරයින් 30 දෙනකු සහ සිවිල් සිරකරුවන් 22 දෙනකුට වහාම කොන්සියුලර් ප්‍රවේශය ලබා දෙන ලෙසද පාකිස්තානයෙන් ඉල්ලා ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ඉන්දියාව මෙම ඉල්ලීම කර ඇත්තේ 2008 සිරකරුවන් හුවමාරු කරගැනීමේ ගිවිසුම යටතේය. එම ගිවිසුමට අනුව සෑම වර්ෂයකම ජනවාරි 01වැනිදා සහ ජූලි 01වැනිදා යන දිනයන්හිදී සිවිල් සිරකරුවන්ගේ සහ ධීවරයින්ගේ ලැයිස්තු දෙරට විසින් හුවමාරු කර ගැනීම සිදුකරනු ලබයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ සියලු ඉන්දියානු සිවිල් සිරකරුවන් සහ ධීවරයින් නිදහස් කර ඉන්දියාවට ආපසු ගෙන්වා ගැනීම සඳහාත්, ඔවුන්ගේ ආරක්ෂාව සහ සුභසාධනය සහතික කරන ලෙසත් පාකිස්තානයෙන් ඉල්ලා ඇති බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles